0️⃣8️⃣ කොටස // හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ නිමාවී යයි මේ වසන්තේ යළිත් නොම එයි කිසි දිනේ ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම් රිදුම් දෙයි ආදරේ නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුණා නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුණා තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ ඔබේ සෙනෙහේ ඔහු හදේ රැඳුනේ තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ ඔබේ සෙනෙහේ ඔහු හදේ රැඳුනේ එදා මතකය සිතේ අහුරා එදා මතකය සිතේ අහුරා කාටවත් නොපෙනී අඳුරේ ඉකිබිඳිමි රහසේ නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුණා නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුණා සිනහ කඳුළේ දෙනෙත් දොවමින් දුටුව සිහිනේ නෙත් වැසුණු අඳුරේ සිනහ කඳුළේ දෙනෙත් දොවමින් දුටුව සිහිනේ නෙත් වැසුණු අඳුරේ ඈත මීදුම් අතර සඟවා ඈත මීදුම් අතර සඟවා යන්න ප්‍රිය ලඳුනේ හද සුසුම් පවනේ රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ // ❛❛ දැන් කවුද ගියේ ඔයාව දාලා? ❜❜ ❛❛ කවුරුවත් නෑ මෝඩියේ... ඒක මං ආසම සින්දුවක්... ❜❜ ❛❛ ඔයාගෙ අයියට ලස්සන සින්දුවක් කියන්න කියලා කියන්න ශීනා... දුක හිතෙන ඒවා කියන්නැතුව... ❜❜ සුදීක්ෂා හරී ආදරයෙන් ශීනාව තුරුළු කරගත්තා.. අයිතිකාරයා කවුද කියලා හිතෙන තරමටම දැන් ශීනා සුදීක්ෂා එක්ක එකතුයි.. තරු පිරිවරාගත්තු සඳ ලස්සනට පායලා තියෙන රැයක මේ සුවිසල් නිවසෙහි උඩු මහල් සඳළුතලයෙ අද ලස්සන කොල්ලෙකුයි කෙල්ලෙකුයි ශීනායි ආදරයෙන් ඉන්නවා.. කෙල්ලටම තුරුළු වුණු ශීනාත් විශාල ඔංචිල්ලාවෙ පැද්දි පැද්දි හිටියා... මේ කෝලම් දිහා බලාගෙන ලස්සන අළු ඇස් දඩබ්බරයා ගිටාරය වාදනය කරමින් ගීත කිව්වෙ මධුවිතකුත් තොල ගාන ගමන්මයි.... ❛❛ අනේ මේ අක්කයි නංගියි දෙන්නා පළතුරු කකා පැද්දි පැද්දි ඉන්න වෙලාවෙ එහෙනම් සින්දුවක් කියන්නකො... ❜❜ ❛❛ කියනවා තමයි.... නේද ශීනා.... ❜❜ // හා හා හා හා හා.... හා හා හා හා හා... හා හා හා හා හා.... හා හා හා හා හා... මං වින්ඳා ආදරේ ඔබ හන්දා පෙම් සිතුවම් හද ගැබේ මං ඇන්ඳා නිම් හිම් සෙවූ ළංවී මැවූ මේ ස්වප්නේ නිමවේදෝ කඳුළින් තෙමා සංසාරයේ පැතුසේ ළංවෙලා පෙම් හැඟුමන් යාවීලා සිනාසුනා හදවතේ ස්පන්දනේ නවතීවී සදා මා ජීවිතෙන් අහිමි වූවොත් ඔයා දරාගන්න බෑ මතකයේ වේදනා මේ සුසුමන් කාටදෝ දැන් ඇසෙනා සඳේ කැන් පවා හැංඟී ගියා මා අඳුරේ තනිවෙයිදෝ ඔබ නැතිවෙලා සංසාරයේ පැතුසේ ළංවෙලා පෙම් හැඟුමන් යාවීලා සිනාසුනා හදවතේ ස්පන්දනේ නවතීවී සදා මා ජීවිතෙන් අහිමි වූවොත් ඔයා මා ජීවිතෙන් අහිමි වූවොත් ඔයා // ❛❛ ආ... දැන් ඔය කිව්වෙ එතකොට ලස්සන සතුටු හිතෙන සින්දුවක් වෙන්නැති නේද... මෝඩි.. ඕකෙ ෆිල්ම් එක බලලා තියෙනවද? කෙල්ලගෙ ආත්මෙ ම//රලා දාලා ඒකිගෙම නැද්දා ඒ සිරුර අයිති කරගන්නවා කොල්ලව ඕන නිසා.... ❜❜ ගායනය අවසන් වන තුරුම ගිටාරය වයමින් වුවද දෑසත් පියාගෙන හරිම ආසාවෙන් රසවිඳි අළු ඇස් දඩබ්බරයා කිව්වෙ නෝක්කාඩුවට වගේ... ❛❛ බලලා නම් නෑ... ඒ වුණාට ඒක ලස්සනයිනෙ.. මං ආසයි... හිත මොකක්දෝ අමූතු හැඟීමකින් පිරෙනවා.. මට ඒක කියාගන්න තේරෙන්නෙ නෑ... ❜❜ කෙල්ල කිව්වෙ අළු පාට ලස්සන ඇස් දිහාම බලාගෙන ශීනාවත් තව තවත් තුරුළු කරගෙන... හඳ එළියට රතුපාට ගවුම අස්සෙන් ඒ ඇත් දළ පැහැ කලවා යුගළ සහ සෙමීට සැළෙන පිරිපුන් ළැම හරි ලස්සනට පෙණුනා.. හිස වටා බැඳි වෙළුම් පටි වලටත් උඩින් ලස්සන කෙහෙ රැළි දෙකක් ඒ සුදු දෙකොපුට දෙපසින් වැටිලා තිබුණෙ මුහුණ තවත් හැඩ කරමින්.... ❛❛ ඒකට තමයි මෝඩියේ දුක කියලා කියන්නෙ... ඒ වචන අස්සෙ අහිංසක කෙල්ලෙක්ගෙ අඳෝනාවක් හරි සීරුවට හිර කරලා තියෙනවා... පපුව කීරි ගැහෙන තරම් වේදනාවක් ඔය දැනෙන්නෙ... ❜❜ ❛❛ අනේ.. මට ඒ ෆිල්ම් එක බලන්න ආසයි...❜❜ ❛❛ අපි බලමුකො... හැබැයි ඊට කලින් ඔයා මට එක දෙයක් කියන්න ඕන... ❜❜ කොල්ලාගෙ අළු පාට දඩබ්බර ඇස් කෙළින්ම වැටී තිබුණෙ සුදීක්ෂාගෙ හීනි දිගු ඇස් මතට.... ❛❛ මොකක්ද ? ❜❜ ❛❛ ඔයාට එදා ඇත්තටම මොකක්ද වුණේ? ඇයි අර චූං පාංකාරයට බය? හොඳ යාළුවො වගේනෙ හිටියෙ... ❜❜ ❛❛ හොඳ යාළුවො නෙවෙයි මං හිතන් හිටියෙ අම්මා තාත්තා නැති මට ඌ දෙවියො එවපු සහෝදරයෙක් කියලා... ඒත්... ඒත් ඌ මගෙ ආත්මෙම විනාස කරන්නයි හැදුවෙ.. ති//රිසනා... ❜❜ කතාව අවසානයේ කඳුළු වලින් ඒ සුදු කොපුල් පෙඟිලා රත් පැහැ ගැන්විලා තිබුණා... දුක වැඩිකමටද තොල කට වේළුණු නිසාද කියලවත් හිතන්න කළින්ම කෙල්ල එක හුස්මටම අළු ඇස් දඩබ්බරයාගෙ විස්කි වීදුරුවත් බීලා දැම්මෙ කොල්ලට වචනයක්වත් කියන්න ඉඩක් නොදීමයි.... // හඳේ ඉන්න හාවියක් වගේම හැඟෙනවා නුඹෙ හිතේ ගින්න මටත් දැනෙනවා කියා දුන්නු ආදර බර ගීත ගැයෙනවා නුඹ ළඟින් ඉන්න මටත් හිතෙනවා ආදර වීදි දිගේ.. පෙම් මාලිග තැනුවේ නුඹෙ ප්‍රේමයේ නමින්.... // ❛❛ වාව්..... ඒක නම් හරිම ලස්සනයි... ❜❜ මෙතෙක් වේලා දෝරෙ ගලමින් තිබූ කඳුළු වැල් වියළී ගොසින් කෙල්ල හරි ලස්සනට හිනා වුණා... ❛❛ චුට්ටම චුට්ටක්වත් බොන්න බෑ කියපු කෙල්ල විස්කි වීදුරුවක්ම එක හුස්මට බීලා දැම්මෙ.. ඒක දැකලා මගෙත් වෙරි හිඳිලා දැන්... එන්නකො අපි යමු අර ෆිල්ම් එක බලන්න... ශීනා ඔය කණාමැදිරියො පස්සෙ දුව දුවා නැටුවා ඇති... එන්න යන්න... ❜❜ කෙල්ලගෙ දුක්බර කතාව ගැන එකම එක වචනයක්වත් නොකියා ඉන්න තරම් අළු ඇස් දඩබ්බරයා පරිස්සම් වුණා... දුකම විතරක් උරුමය වෙලා තිබුණු ඒ අහිංසක හිත තව තවත් පාරන්න කොල්ලට ඕන වුණේ නෑ... ඒ නිසාමයි කෙල්ල ලස්සනට කියපු සින්දුව තියෙන චිත්‍රපටය බලන්න පහළට යමු කිව්වෙ... ❛❛ ඇ.... ඇයි ලයිට්ස් ඕෆ් කළේ ? ❜❜ රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කර සියලු විදුලි පහන් නිවා දැමූ අළු ඇස් දඩබ්බරයා පාට පාට එළි කැරකෙන කුඩා බල්බයක් පමණක් දැල්වූයේ කෙල්ල පුදුමයෙන් බලා හිඳිද්දිමයි... ❛❛ එහෙම තමයි... මේ වගේ ෆිල්ම් බලන්න ඕන අඩ අඳුරෙ... ❜❜ මද එළියෙන් වුණත් ලස්සනට දිළිසෙන අළු පාට ඇස්වල හිනාව කෙල්ලට පෙණුනා... ❛❛ මේ... මේක හොල්මන් එකක්ද... අමුතු සින්දුවකින් පටන් ගන්නෙ... ❜❜ ❛❛ ටිකක් ඒ වගෙත් තමයි.. බලන්නකො බලන්නකො.. කිව්වම අගයක් නෑනෙ... ❜❜ එකම සෝෆාවෙහි දෙපසට වී හිඳගෙන සිටි අළු ඇස් දඩබ්බරයයි චූටි බටු ඇටේ සුදීක්ෂායි වෙන් වුණේ මැදින් උන්නු ශීනා නිසා... හැබැයි ඒ හරිම පොඩි වෙලාවකට විතරයි.... ❛❛ මොකද මේ... බය වුණාද... නැත්නම් සීතලයිද ? ❜❜ ශීනාගෙයි අළු ඇස් දඩබ්බරයාගෙයි මැද්දට ඇවිත් සුදීක්ෂා ගුලි වුණේ කකුල් දෙකත් සෝෆා එක මතටම ගනිමිනුයි... ❛❛ ම්ම්ම්.. ❜❜ ❛❛ මොකක්ද ම්ම්ම් කියන්නෙ? ❜❜ ❛❛ මොකුත් නෑ.... මම යන්නම් හිටපු තැනටම... ❜❜ ❛❛ නෑ නෑ... ඉන්න ඉන්න... ❜❜ සෝෆාවෙන් නැඟිට යාමට සැරසුණු සුදීක්ෂා කොල්ලගෙ ළඟ මතටම වැටුණෙ අළු ඇස් දඩබ්බරයා වේගයෙන් කෙල්ලගෙ අතින් ඇදපු නිසා.... ❛❛ ඌහ්... රිදෙනවා අනේ... මෝඩයා... ❜❜ රිදුම් දෙන අත අතගාමින් වුවද කොල්ලගෙ ළය මතින් ඉවතට යාමට නම් කෙල්ලට අදහසක් නෑ වගේ... කිසිවක්ම නොකී අළු ඇස් දඩබ්බරයා වෙළුම් පටි දමා තිබූ කෙල්ලගෙ හිසෙහි කෙහෙරැළි මතින් සිය දිගු අතැඟිලි යැව්වෙ හරි ආදරෙන්... තම උකුල මත හිස හොවාගෙන සිටි ශීනාගෙ හිසත් අතගාමින්ම කෙල්ල ඒ දඩබ්බර ළය මත උණුහුමට සැනසුණා.... ❛❛ මේ.... අර වගේ ඉන්න තිබුණා නම් හොඳයි නේද... ❜❜ චිත්‍රපටයෙහි වූ රෝමාන්තික දර්ශනයක් දෙස බලාගෙන හිනැහෙමින් අළු පාට දඟකාර ඇස් දිළිසුණා.. නමුත් සුදීක්ෂාගෙන් නම් කිසිම පිළිතුරක් ලැබුණෙ නෑ... ❛❛ අයියෝ... මේ කෙල්ල නිදිනෙ... පව් අහිංසකී... ❜❜ අළු ඇස් දඩබ්බරයා තමන්ටම මුමුණාගත්තෙ හරි ආදරයෙන් කෙල්ලගෙ මුහුණ මත වැටී තිබුණු කෙහෙරැල්ලකුත් ඉවත් කරමින්මයි... රූපවාහිනිය නිවා දැමූ අළු ඇස් දඩබ්බරයා දෙවරක් නොසිතාම කෙල්ලව හරි පරිස්සමට දෝතට ගත්තා.... පහත මහළෙහි වූ සිය කාමරය දෙසට යාමට පියවර කිහිපයක් තැබූවද තව තවත් පපුවට ගුලි වෙමින් නිදන අහිංසක මුහුණ දුටු නිසාම කොල්ලා හෙමින් හෙමින් පඩිපෙළ නැග්ගෙ කෙල්ලව කෙල්ලට හුරුපුරුදු කාමරයෙන්ම සුව පහසුවට තියන්න හිතාගෙන.... වැරදීමකින් විවර වී තිබුණු බොත්තමක් අතරින් පිරිපුන් තිසරු යුගළය එළියට පනින්න දඟලනවද කියලත් කොල්ලට හිතුණා.. ටික වේලාවක් එදෙසම බලා සිටි අළු ඇස් දඩබ්බරයා රතු පාට ගවුම අතරින් නග්නව පෙණුනු ඇත් දළ පැහැ දෙකකුල් වැසෙන සේ රෙද්දක්ද පොරවා ඇඳෙන් නැඟිටින්න හැදුවෙ කෙල්ලගෙ නළල මත ආදරයෙන් සිපුමක්ද තබමින්... ❛❛ අනේ ඉන්න.... මට බයයි... එයා ඇවිත් ඔයාවත් මගෙනුත් උදුරගත්තොත්.... ❜❜ දෑස විවර නොකරම කෙල්ල අළු ඇස් දඩබ්බරයට ගුලි වුණේ නින්දෙන්මයි... නුහුරු විස්කි වීදුරුවෙහි සැරට මත්වී සිටි කෙල්ල චිත්‍රපටයෙහි වූ සිදුවීමකට බියවී ඇති බව තේරුණු නිසාම අළු ඇස් දඩබ්බරයත් හරි ආදරයෙන් කෙල්ල ළඟින්ම වැතිරුණේ ඒ රත් පැහැ කොපුල් මත සිපුමක්ද තබමින්... කෙල්ලට එහාපසින් සිටි ශීනාද මොන මොනවදෝ කොඳුරමින් දෑස් පියාගත්තෙ සුව නින්දක් උදෙසාමයි...... ****************************************** ❛❛ අයියෝ ශීනා.... මම අද ඔෆිස් යන්නෙ නෑ... චුට්ටක් නිදාගන්න දෙන්නකො... ❜❜ දෙකොපුලට දැණුනු තෙත හොම්බෙ පහසින් නින්ද කැඩුණත් දෑස විවර නොකරම අළු ඇස් දඩබ්බරයා ශීනාව තල්ලු කරලා දැම්මා... නමුත් ඒ අතට දැණුනෙ නම් ශීනාගෙ පහස නෙවෙයි... දෑස විවර නොකරම අතගා බැලූ දඩබ්බරයාගෙ අතට හසුවුණේ සුන්දර දෙතොලක්... තෙත් වූ දෙතොලක්... තොල් සායමින් තෙත් වූ දෙතොලක්... රෝස පැහැ සිහින් දෙතොලක් තිබූ සුදීක්ෂා ළඟ තොල් සායම් නැති බව අළු ඇස් දඩබ්බරයා හොඳටම දන්නවා.... ❛❛ උ... උ//ඹ..... ❜❜ සුව නින්දක සිටි දඩබ්බර අළු පාට ඇස් විවර වුණේම කෝපයෙන් ගිනියම් වෙලා.... ❛❛ ගුඩ් මෝනිං මගෙ නපුරු කොල්ලෝ.... ❜❜ කෙල්ල ආදරයෙන් හිනැහෙමින් අළු ඇස් දඩබ්බරයට තුරුළු වෙන්න හැදුවා... ❛❛ එහාට පලයන් සහේලි... මේ මොන කරුමයක්ද... ත//මුසෙ කොහොමද මේ කාමරේට ආවෙ? මොන අයිතියකටද? ❜❜ දඩබ්බරයගෙ දෑත් කෝපයෙන් වෙව්ලනවා... ❛❛ ඇයි... සුදීක්ෂාට විතරයිද එන්න හොඳ? ❜❜ ඒ ඇස්වල නම් තිබුණෙ අවඥාසහගත බැල්මක්.... ❛❛ ත... ත//මුසෙ කොහොමද සුදීක්ෂා ගැන දන්නෙ? සුදීක්ෂා.... කෝ මගෙ කෙල්ල... මගෙ තුරුළෙ හිටියෙ.. ත... ත//මුසෙ මොනවද ඒ අහිංසකීට කළේ.... ආ... කතා කරනවා සහේලි... කෝ මගේ කෙල්ල.... ❜❜ වේදනාවකටත් වඩා කෝපය කැටි වූ හඬකින් අළු ඇස් දඩබ්බරයා කෑ ගසමින්ම සහේලිගෙ ගෙල සිර කළා... ❛❛ ම.... මාව අත.. අතාරින්න.... ම... මං ද... දන්න සු..දීක්ෂෙක් න්.. නෑ..... ම... මං එන... එනකොට ක... කවුරුවත් හි... හිටියෙ නෑ... ❜❜ හැඩිදැඩි දෑතෙහි ග්‍රහණයෙන් ගැළවෙන්න උත්සාහ කරමින්ම සහේලි අපහසුවෙන් පැවසුවා.... ❛❛ හිටියෙ නෑ? ඒක වෙන්න බෑ... ත//මුසෙ මොකක්ද කළේ මගෙ කෙල්ලට... සුදීක්ෂා... සුදීක්ෂා... මගෙ මැණික... අනේ මගේ සුදීක්ෂා... ❜❜ සහේලිව පසෙකට තල්ලු කළ අළු ඇස් දඩබ්බරයා විලාප නැගුවෙ හද පුපුරන තරම් වේදනාවෙන්.... ****************************************** සුදීක්ෂා කොහෙද ගියේ කියලා ඔයාලා දැක්කද ළමයි ? 😒 _ මම අහිංසා 🌻
0 Comments
No comments yet. Be the first to comment!