0️⃣7️⃣ කොටස ❛❛ අනේ බලන්නකො ශීනා... තුනහමාරත් පහු වෙලා... කෝ ඔයාගෙ අයියා... ඔයාටත් බඩගිනියි ද ? ❜❜ සුදීක්ෂා සුදු මුහුණ බෙරි කරගෙන ශීනාව තුරුළු කරගත්තා.. ❛❛ මං එයාගෙ නම්බර් එක දන්නෙ නැති වුණාට එයා මේ ගෙදර නම්බර් එක දන්නවනෙ.. ඉතිං බැරිද පරක්කු වෙනවා නම් අර ලොකු ෆෝන් එකට කෝල් එකක් දීලා කියන්න... ඔයාගෙ අයියා නම් මහම මහ මෝඩයෙක් ශීනා... හරි නරකයි එයා... අපි දෙන්නව අමතකම කරලා අද... ❜❜ ශීනාත් සුදීක්ෂා කියන දේ හොඳට තේරුණා වගේ මොන මොනවදෝ කියමින් සුදීක්ෂාට තුරුළු වුණා... දවල්ට කෑම හදන්න එළවළු රැගෙන එන පොරොන්දුවත් එක්කම නිවසින් පිටව ගියත් අළු ඇස් දඩබ්බරයා තවමත් ගෙදර ඇවිත් නැහැ.. අඩු ගානෙ දුරකථන ඇමතුමක්වත් නෑ... සුදීක්ෂා කෙල්ලවයි ශිනා කෙල්ලවයි දෙන්නවම අමතකම වෙලා වගේ... වෙන කරන්නම දෙයක් නැතිකමට සුදීක්ෂායි ශීනායි කාටූන් බැලුවා... සුදීක්ෂා බඩගින්නෙ නිසාමද මන්දා ශීනාත් එයාගෙ කෑම එක කෑවෙත් නැතුවමයි සුදීක්ෂාගෙ තුරුළට වෙලා හිටියෙ..... ❛❛ අම්මෝ... මට නම් බෑ ශීනා... ඕකෙ යන්නෙ අර මිනිහා... ඌ දැනගත්තොත් මම මෙහේ ඉන්නවා කියලා චූං පාන් කෑම කෙසේ වෙතත් ඔයාට මගෙ ම//ළ බත නම් කන්න පුළුවන්... දන්නවද.. අර වට්ටක්කා එක්ක හදන්නෙ... අන්න ඒක... ශිට්.. එදා මට බැරි වුණානෙ ඕකගෙ කන රත් වෙන්න එකක් දීලා අහන්න ඌ උගේ අක්කලා නංගිලා තුන් දෙනාවත් විකුණං කනවද කියලා.. මාව විකුණන්න හැදුවා වගේ... අපරාදෙ.. කන පොඩි වෙන්න දෙකක් දීලා එන්න තිබුණෙ... නේද ශීනා... ❜❜ චූං පාං වාහනේ සද්දෙට ශීනා සුදීක්ෂා ඇඳගෙන ඉන්න ෂර්ට් එකෙන් අදින්න ගත්තු නිසාම කෙල්ල කියාගෙන කියාගෙන ගියේ හිතේ තිබුණු ආවේගයටමයි... රණේව ම//රලා දාන්න තරම් වේදනාවක් වගේම කලකිරීමක් හා පසුතැවීමක් කෙල්ලගෙ ඒ සුසුම්ලෑම් ඇතුළු සැඟවිලා තිබුණා... ❛❛ මෙයාගෙ චණ්ඩිකම් ඔක්කොම අපිට විතරයි නේද ශීනා... අනෙක් වෙලාවට බයේ අඬනවා.... ❜❜ පිටුපසින් ඇසුණු අළු ඇස් දඩබ්බරයාගෙ කටහඬට කෙල්ල ගැස්සිලා ගියත් ශීනා නම් හරි සතුටින් කොල්ලගෙ ඇඟට පැන්නෙ හුරතල් වෙවී... ❛❛ ඔ... ඔයා... ඇහුණෙවත් නෑනෙ එනවා.. ❜❜ සුදීක්ෂා තවමත් බයෙන් වෙව්ලනවා... ❛❛ කොහේ ඇහෙන්නද ඔය ටී වී එකේ සද්දෙට... අපේ ශීනාටත් කාටූන් කිව්වොත් ආයෙ කන්න බොන්නවත් ඕන නෑ... මරු හැබැයි ශීනාටම ගැළපෙන අක්කා... හොරෙක් හතුරෙක් ආවත් ඔච්චර තමයි.. ම//රලා යනකංම දෙන්නා දන්නෙ නෑ.. ❜❜ නෝක්කාඩුවට වගේ කිව්වට කොල්ලා හරි ආදරයෙන් ශීනාව අතගෑවා.... ඒත් අද නම් ඒ ලස්සන අළු පාට ඇස් හිනාවෙන්නෙ නෑ කියලා සුදීක්ෂා හොඳටම දැක්කා.. මොකක්දෝ හෙම්බත් බවක් ඒ ඇස්වල ලියවිලා තිබුණා... වෙනදා තිබුණු දඟකාරබව වෙනුවට අසරණබවක් ඒ ඇස්වල ලියවිලා තිබුණා... ❛❛ ඔයා දවල්ට උයන්න එළවළු ගේනවා කියපු නිසා අපි දෙන්නා බලන් හිටියා.. ශීනාත් එයාගෙ කෑම එක කෑවෙ නෑ තවම... ❜❜ ❛❛ අනේ මට සමාවෙන්න කෙල්ලෙ.. හිතපු නැති තරම් ප්රශ්න ගොඩක හිරවුණා මම.. එන්නකො.. අපි ඉක්මනට කෑම කමු.. මම කෑම අරගෙන ආවෙ... ඔයාගෙ අතින් උයන බත් රෑට කමු.. හොඳද... ❜❜ කෙල්ලගෙ ඔළුවත් අතගාලා ආදරෙන් කියපු විදියට සුදීක්ෂාට කොල්ලා ගැන ලෝබත් හිතුණා... ❛❛ අනේ... ඒකට කමක් නෑ.. මම හින්දා හරි කරදරේ නේද.... ඔයා වොෂ් දාගෙනම එන්නකො.. මේ හිටියා වගේ තව පොඩි වෙලාවක් ඉවසගෙන ඉන්න ශීනාටයි මටයි බැරි නෑ... ❜❜ කෙල්ලගෙ හීනි දිග ඇස් අර ලස්සන අළු පාට ඇස් ළඟම නැවතිලා තිබුණා... යාන්තමින් හිනා වුණත් ඒ ඇස් හොඳටම මැලවිලා කියලා විතරක් කෙල්ල හොඳටම දැක්කා... ❛❛ එහෙනම් ඉන්නකො... මම විනාඩි දහයෙන් එන්නම්... ❜❜ කොල්ලා ඉඳගෙන සිටි පුටුවෙන් නැඟිට්ටෙ ශීනාගෙත් ඔළුව අතගාලමයි... ****************************************** ❛❛ අනේ දෙවියනේ.. මේ අහිංසක කෙල්ල එක්ක මට සතුටින් ඉන්න ඕන.. ශීනා මැණිකත් ඒ කෙල්ලට හරි එකතුයි.. ඒත් අර මළ යක්ෂණී... සහේලි... මොන කරුමයක්ද මට මේ පඩිසන් දෙන්නෙ... මම කොහොමද ඒකිගෙන් ගැළවෙන්නෙ... ඇයි ඒකිට බැරි සවීනයා ගාවටම යන්න... ඇයි දෙයියනේ ඒකි මගෙ පස්සෙන්ම එන්නෙ... ❜❜ ශවරය යට තිබුණෙ අළු ඇස් දඩබ්බරයාගෙ හැඩිදැඩි නග්න සිරුර විතරමයි.. මනස සම්පූර්ණයෙන්ම දුර ඈතක ගිහින් තිබුණා... ඒ සහේලිගෙ මතකය ළඟට... සහේලි කියලා කියන්නෙ ඇත්තටම හැඩකාර රූමතියක්... නිතරම වගේ ඇඳපු ලස්සන දුහුල් සාරිවලට සහේලි තවත් හැඩට පෙණුනා.. සහේලිගෙ පෙම්වතා වුණේ සවීන්.. ඒ කියන්නෙ අපේ මේ අළු ඇස් දඩබ්බරයාගෙ හොඳම යාළුවෙක්.. ඒත් මීට මාස හතර පහකට උඩදි සවීන් ඇමරිකාවට ගියේ සහේලිව සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා... ඒකට හේතුවක් නම් මේ අළු ඇස් දඩබ්බරයා දන්නෙ නෑ... කොහොම වුණත් සවීන්ගෙ හැරයාමෙන් සතියට විතර පස්සෙ ඉඳලා හැම දවසකම සහේලි අළු ඇස් දඩබ්බරයාව හොයාගෙන ආවා.. කොහේ හිටියත් දවසට එකම එක පැයක් සහේලි බලෙන්ම අළු ඇස් දඩබ්බරයාට තුරුළු වුණා.... හරියට මොකක්හරි මායාවක පැටළුණු හොරාවක් වගේ අකමැත්තෙන් වුණත් ඒ පැය ගෙවන්නම කොල්ලට සිද්ධ වුණා... ❛❛ තවම නානවද අනේ... විනාඩි දහයයි කියලා දැන් පැයක්ම ගියානෙ.. ශවර් එක යටම නින්ද ගිහින් ද ඔයාට... ❜❜ බලාගෙන ඉඳලා බැරිම තැන සුදීක්ෂා අළු ඇස් දඩබ්බරයාව හොයාගෙන කාමරේටම ඇවිත්... ශීනා කෙල්ලත් ඇවිත්.. නානකාමරයේ දොර පහුරු ගානවා... එයාටත් ගොඩක් බඩගිනි වෙලා වගේ... ❛❛ ඊ....... ශීනා... ඔයාගෙ ඔය මෝඩ අයියට ටවල් එක දෙන්න... ❜❜ කෙල්ල එකපාරටම දෑසම තද කරලා පියාගෙන අනෙක් පැත්ත හැරුණෙ විවෘත වුණු නානකාමරයෙ දොරෙන් එළියට ආපු අළු ඇස් දඩබ්බරයාව දැකලා... සහේලි ගැන කල්පනා කරලම කොල්ලගෙ සිහියත් විකල් වෙලා වගේ.. ඇඟේ නූල් පොටක්වත් නැති බව අමතක වෙලා... කෙල්ලගෙ වචන සහ ඇස් පියාගත්තු විදියට කොල්ලටත් ලැජ්ජ හිතුණත් ඒ බව නොපෙන්වා ඉන්න උත්සාහ කළේ තියෙන දඟකාරකමටමයි... ❛❛ ශීනා.... ඔයාගෙ මෝඩ අක්කා මීට කලින් මෙච්චර ලස්සන හැන්ඩම් කොල්ලෙක්ව මෙහෙම දැකලම නැද්ද අහන්න.... බොරු පානිය දාන්න එපා කියන්න... ❜❜ කොල්ලා හිනාවෙවී විහිළුවට කිව්වත් ඒ වචන කෙල්ලගෙ පපුව පසාරු කළා... ❛❛ ඔයා හිතන්නෙ මම ඒ වගේ කෙල්ලෙක් කියලා නම් මම අදම මේ දැන්ම මේ ගෙදරින් යන්නම්... අරුන්ට අහුවෙලා මැ//රුම්කන එක සැපයි මම ගැන ඔහොම හිතනවා දකිනවට වඩා... ❜❜ කෙල්ලගෙ පියවුණු ඇස් පිහාටු අතරින් ලොකු කඳුළු කැටි දෙකක් කඩන් වැටුණා... ❛❛ අනේ මැණිකෙ... මේ අහන්න.. සත්තමයි මම ඔයා ගැන එහෙම වැරදියට හිතලා කිව්වා නෙවෙයි.. ඇත්තටම විහිළුවක් කළේ.. ඔයා වගේ ලස්සන කෙල්ලෙකුට බෝයිෆ්රෙන්ඩ් කෙනෙක් ඉඳලම නැති වෙන්නත් බෑනෙ.. ඒකයි මම එහෙම විහිළුවක් කළේ... සොරී... කෝ මේ බලන්නකො මගෙ දිහා... සොරි හොඳද... ❜❜ ❛❛ ඇත්තමයි මට කවදාවත් බෝයිෆ්රෙන්ඩ් කෙනෙක් ඉඳලා නෑ... මම කවදාවත් කාටවත්ම මාව වැරදි විදියට දකින්නවත් දීලා නෑ... ❜❜ අළු පාට ඇස් දිහාම බලාගෙන කඳුළු අතරින් කෙල්ල කිව්වා.. ඒ වන විටත් කොට කලිසමකින් සහ අත් කැපූ බැනියමකින් සැරසී සිටි දේහධාරියා සුදීක්ෂාව තම පපුවට තුරුළු කරගත්තෙ කෙල්ලට හිතන්නවත් ඉඩක් නොතියමයි... ශීනාත් ඇඳ උඩට වෙලා මේ දිහා බලන් හිටියෙ හරි පුදුමයෙන් වගේ..... ❛❛ මට ඔයාව විශ්වාසයි.. දැන් අඬන්න එපා.. මට සමාවෙන්න ඔයාගෙ හිත රිද්දුවට... ඔයාට වෙච්ච දේ අද මට හෙමීට කියන්නකො... මොනදේ වුණත් ඔයාට මම ඉන්නවා.. කෝ.. දැන් කඳුළු පිහදගෙන යමුකො කෑම කන්න... ❜❜ ****************************************** ❛❛ සුදීක්ෂා..... ❜❜ ❛❛ ම්ම්ම්.... ❜❜ රූපවාහිනියෙන් දෑස ඉවතට නොගෙනම ඉන්න කෙල්ල දැක්කම ලෝබත් හිතෙනවා... පුංචි එකියක් වගේ... ❛❛ මට අමතක වුණානෙ... ❜❜ ❛❛ මොකක්ද.. ? ❜❜ ❛❛ මම ඔයාට ඇඳුම් දෙක තුනක් ගෙනාවා දවල්.... ඔයාට මැච් වෙයිද දන්නෙ නෑ.. කොහොම වුණත් හොඳ ඇඳුම් ටිකක් ගන්න නම් ඇඳගෙන යන්න හරි එකක් තියෙන්න එපැයි.. ඔහොම හොල්ල හොල්ල යන්න බෑනෙ... ❜❜ හිනාව තදකරගෙන කොල්ලා දඟකාර විදියට කියද්දි නම් කෙල්ලට චුට්ටක් තරහත් ගියා... ❛❛ ඔයාගෙ අයියා නම් මහ ඕනවට වැඩියි නේද ශීනා.... ❜❜ ❛❛ හොල්ල හොල්ල ගේ පුරාම දුවලා පැනලා නටලා අයියව නරක් කරන්නෙ කවුද දන්නෙ නෑ නේද ශීනා... ❜❜ ❛❛ අනේ යන්න.. මං තරහයි.. ❜❜ ❛❛ ඉන්න ඉන්න... තව චුට්ටෙන් යාළු වෙයි.. මම අර ඇඳුම් ටික අරං එන්නම්.. කාර් එකේ ඇත්තෙ... ❜❜ බොරු තරහක් අරං කතා නොකර හිටියත් ඇත්තටම කෙල්ලගෙ හිතේ තරහක් තිබුණෙ නෑ... හිත පිරිලා තියෙන අමුතු හැඟීම මොකක්ද කියලවත් කෙල්ලට තේරුණේ නෑ... ඒ නිසාමයි අළු ඇස් දඩබ්බරයා එළියට යනකං ඉඳලා හරී සතුටින් ශීනාව බදාගෙන සිපගත්තෙ... ඒ ඇස් ලියවිලා තිබුණු මොකක්දෝ හැඟීමකින් දිළිසුණා... ❛❛ ආ... ඇඳගෙන එන්නකො බලන්න හොඳයිද කියලා... ❜❜ අළු ඇස් දඩබ්බරයා ලොකු ඇඳුම් බෑග් එකක් කෙල්ලගෙ අතට දුන්නා... ❛❛ දෙක තුනයි කිව්වට ගොඩක් තියෙනවනෙ..... ❜❜ ❛❛ ඔයාට හරියයි කියලා හිතෙන ඒවා ගෙනාවා ඉතිං... බලන්නකො ඇඳලම.. ටැග්ස් කඩන්න එපා.. හරි නොගියොත් රිටර්න් කරමු... ❜❜ ❛❛ ම්ම්ම්.. හා... ඉන්නකො... ❜❜ ❛❛ මේ.... පොඩි පොඩි ඒවා ටිකකුත් ඇති.. තෝරන්න නම් තේරෙන්නෙ නෑ.. පේන විදියට මගෙ අතේ ගානට ගත්තා.. රිටර්න් කරන්න නම් බෑලු.. ඒ වුණාට කමක් නෑ ඉතිං.. බලන්නකො... ❜❜ උඩ තට්ටුවට යන්න පඩිපෙළේ බාගයක්ම දුරට දුවගෙන ගියපු කෙල්ලයි ශීනායි නැවතුණේ අළු ඇස් දඩබ්බරයා කියපු දේ නිසා.... ❛❛ මොනවද පොඩි පොඩි ඒවා ? ❜❜ කෙල්ල ඇහුවෙ දෑසත් ලොකු කරගෙන... ❛❛ අර අරවා අනේ..... ❜❜ ❛❛ මොනවද? ❜❜ ❛❛ කු//ක්/කු ඇඳුම් අනේ.... කු//ක්/කු ඇඳුම්නුයි යට කලිසම් ටිකකුයි..... ❜❜ ❛❛ හරි නරකයි... මෙයාට නම් ලැජ්ජාවක් කියලා චුට්ටක් වත් නෑ... ❜❜ කෙල්ලගෙ සුදු කම්මුල් රතූ වුණා.... ❛❛ ආ... දැන් එතකොට මටද ලැජ්ජ නැත්තෙ? අපරාදෙ ඊයෙයි අදයි හිටියා වගේ හොල්ල හොල්ලම ඉන්න දෙන්න තිබ්බෙ... එතකොට ලැජ්ජ නෑනෙ... ❜❜ කොල්ලා තරහින් කියද්දි සුදීක්ෂා ශීනාත් එක්කම කාමරේට දිව්වෙ සතුටින් හිනා වෙවී.... අළු ඇස් දඩබ්බරයා ගෙනත් තිබුණු හැම ගවුමක්ම කෙල්ලට ඇඟට තියලා මැහුවා වගේ ලස්සනට තිබුණා... ඒ ඇඳුම්වලට කෙල්ල තවත් හැඩට පෙණුනෙ යට ඇඳුම් පවා ගානටම තිබුණු නිසයි... එකින් එක අඳිමින් හැඩ බලන කෙල්ල ළඟටම වෙලා උන්නු ශීනාත් කෙල්ල කැරකෙන තාලෙටම කැරකි කැරකි හැඩ බැලුවා.... ❛❛ වාව්... ඔය තියෙන්නෙ ගානටම... අරවත් හරි නේහ්.. කොහොමද මගෙ අතේ මිම්ම.. සුපිරියි නේහ්.... ❜❜ ලස්සන රතු ගවුමක් ඇඳගෙන පහළට ආපු කෙල්ලගෙ හැඩ බලන ගමන් අළු ඇස් දඩබ්බරයා කිව්වෙ හරිම සතුටින්... නැති වෙලා තිබුණු හිනාව ආයෙත් ඒ ඇස්වලට ඇවිත්.. ❛❛ අම්මෝ ඔව්... අතේ මිම්මට වැඩ කරලා හොඳට පුරුදුයි වගේ... ඒක නෙවෙයි... ඔයා මං වෙනුවෙන් මේ කරන දේවල් වලට කොහොම ණය ගෙවන්නද කියලා මට තේරෙන්නෙ නෑ.. ඇත්තමයි... ගොඩාක් පිං.... ❜❜ කෙල්ලගෙ ඇස් දෙක කඳුළින් පිරුණා... ❛❛ පිං ඕන නෑ... එන්නකො යන්න උඩට... බැල්කනියෙ ඉඳගෙන අහස දිහා බලන් අපි සින්දු කියමු.. වෙනදට ශීනායි මායි රෑ එළිවෙනකං ගිටාර් ප්ලේ කර කර සින්දු කියනවා... ❜❜ ****************************************** රෝමාන්තික රැයකදි හමුවෙමු..... _ මම අහිංසා 🌻
0 Comments
No comments yet. Be the first to comment!