0️⃣6️⃣ කොටස ❛❛ සුදීක්ෂා.... සුදීක්ෂා... ශීනා.... කොහෙද මේ කෙල්ලො දෙන්නා... ශීනා... ❜❜ අළු ඇස් දඩබ්බරයා හරි කලබලයෙන් කෙල්ලො දෙන්නව හෙව්වා.... ❛❛ අපි මෙහේ... ❜❜ අළු ඇස් දඩබ්බරයා සුදීක්ෂාව හොයාගෙන උඩ තට්ටුවට ගියත් සුදීක්ෂාගෙ කටහඬ ඇහුණෙ පහළින්... ඊටම නොදෙවෙනි ලෙස ශීනාත් උඩ පැන පැන තාලයකට බිරුවෙ හරිම සතුටින්... ❛❛ ආ.... හරි ශෝක්.. කෙල්ලො කෙල්ලො එකතු වෙලා දැන් මාව මතකත් නෑ නේද ශීනා ? ❜❜ අළු ඇස් දඩබ්බරයා බොරු තරහක් අරං ශීනාගෙ පස්සටම පොඩි තට්ටුවක් දැම්මා... ❛❛ එහෙම තමයි නේද ශීනා.. කියන්නකො ශීනා දැන් වැඩියෙන් ආදරේ අක්කිට කියලා... ❜❜ සුදීක්ෂා ආදරයෙන් ශීනාව බදාගත්තා... ❛❛ හරි හරි ඔයාලා දෙන්නා ආදරේ කරන්නකො එහෙනම්... මම හොටෙල් එක පැත්තෙ ගිහින් එන්නම්... ඊයෙත් නිවාඩුයිනෙ මම... සවීන්ලත් නැතුව වැඩ ගොඩ ගැහිලා ඇත්තෙ... දොරවල් හොඳට ලොක් කරගෙන පරිස්සමින් ඉන්න.. උදේ කෑම මම ඕඩර් කරන්නම්... ඔයා එළියට යන්න එපා සුදීක්ෂා.. ශීනා ඒක ගනියි... දවල්ට කෑම මම අරගෙන එන්නම්.. හරිද... ශීනා.... අක්කිව පරිස්සමෙන් බලාගන්න මම එනකං... හොඳද... ❜❜ අළු ඇස් දඩබ්බරයාගෙ ආදරේ සුදීක්ෂාගෙ ඇස් කඳුළින් පිරෙව්වා... මෙච්චර කාලෙකට හැම කෙනාම තමන්ව ගිලගන්න බැලුවා මිසක මේ තරම් ආදරයක් නම් කවුරුවත් දුන්නෙ නෑ කියලා කෙල්ලට විශ්වාසයි... ❛❛ අනේ ඉන්න.... ❜❜ ❛❛ ඇයි සුදීක්ෂා මොකක්හරි ප්‍රශ්නයක්ද... ආ මේ දවල්ට යමු අපි ඔයාට ඇඳුම් ටිකක් ගන්න.. එතකං බලලා මගේ මොකක්හරි ඇඳගන්නකො.. නැත්නම් පහළ කාමරේ අල්මාරියෙ අපෙ අම්මාගෙ ඇඳුම් තියෙනවා.. ඔයාට හරියයිද දන්නෙ නෑ රැෆරවුන්ඩ් වගේ ඒවා ඇත්තෙ... බ්ලව්ස් නම් ලොකු වෙයි.. ඔයා හරි චූටියිනෙ... තව එකක්... ඔයා නාන්න එපා.. හොඳ නෑ.. තුවාලෙ පරිස්සම් කරගන්න... වෙලාවට බෙහෙත් ටික බොන්න... ශීනා අක්කිව බලාගන්න.. ඇඟ සෝදනවා විතරයි නාන්න දෙන්න එපා... ❜❜ අළු ඇස් දඩබ්බරයා හරි කලබලයෙන් කියාගෙන කියාගෙන ගියේ කෙල්ල කියන්න යන දේවත් අහන්නෙ නැතුවමයි.... ❛❛ ශීනා... ඔයාගෙ පණ්ඩිත අයියට කියන්නකො ටිං බෙලෙක්කෙ වගේ කියවන එක නවත්තලා මුලින් මං කියන දේ අහන්න කියලා... ❜❜ කොල්ලා තව මොනවදෝ කියන්න හදද්දිම කෙල්ල ඉස්සර වුණේ බොරු තරහකුත් මවාගෙනමයි.... ❛❛ අනේ... සොරි මැඩම්... එක්ස්ට්‍රීම්ලි සොරි.. හරි හරි දැන් ඔයා කියන්න ගියපු දේ කියන්නකො හොඳ ළමයා වගේ... ❜❜ දඩබ්බරයාගෙ අළු පාට ඇස් හරි ලස්සනට හිනා වුණා... ❛❛ කිරිබත් හැදුවා... කාලා යන්න... ❜❜ සුදීක්ෂා ඒ ඇස් දිහා බලාගෙනම කිව්වා... ❛❛ කිරිබත් ? ❜❜ කොල්ලගෙ ඇස් පුදුමයෙන් දිළිසුණා.... ❛❛ ඔව්... ඔයා ඊයෙ රෑ කිව්වනෙ අදත් කාන්තිට එන්න වෙන්නෙ නෑ කිව්වා කියලා.. ඉතිං ශීනායි මායි උදේම කෑම හැදුවා... කුස්සියෙ එළවළු මොකුත් තිබුණෙ නෑනෙ.. ඒ නිසා කිරිබත් හැදුවා.. එන්න.. උණුවෙන් කමු... ❜❜ ❛❛ අනේ කෙල්ලෙ... ඇයි මහන්සි වුණේ... ❜❜ ඒ පාර නම් හරි ආදරෙන් කඳුළු පිරුණෙ අළු පාට දඩබ්බර ඇස් වලට.. කඳුළු පිරුණමත් ඒ ඇස් හරි ලස්සනයි නේද කියලා සුදීක්ෂාට හිතුණා... ❛❛ මොන මහන්සියක්ද... මං හරි ආසාවෙන් හැදුවෙ... දවල්ටත් කඩෙන් කෑම ගේන්න ඕන නෑ... එළවළු ටිකක් අරං එන්නකො.. මම උයන්නම්... ❜❜ ❛❛ අයියෝ කෙල්ලෙ... කඩෙන් නෙවෙයි මගෙ හොටෙල් එකකින්... අහලා තියෙනවද සෙවන් හෙවන් රිසෝට්ස් ඇන්ඩ් විලා... ඒ හොටෙල්ස් හතම මගේ... මගේ කිව්වට අපේ අප්පච්චිගෙ.. අප්පච්චියි අම්මයි නැති වුණාට පස්සෙ මායි මගෙ යාළුවො දෙන්නයි තමයි ඒවා බලාගත්තෙ... ❜❜ ❛❛ එයාලට මොකද වුණේ? ❜❜ ❛❛ කාටද? ❜❜ ❛❛ අම්මටයි අප්පච්චිටයි..? ❜❜ ❛❛ ඇක්සිඩන්ට් එකක්.... එතන හිටපු මිනිස්සු වෙලාවට ඒ දෙන්නව හොස්පිටල් ගෙනියන්න තරම්වත් කරුණාවන්ත වුණා නම් අදටත් මගෙ අම්මයි අප්පච්චියි ජීවත් වෙනවා... මගෙ ළඟින්ම.... ❜❜ අළු ඇස් දඩබ්බරයා හීල්ලුවා... දුකින් බර වුණු ඒ දෑස දිහා බලන්න ලෝබයි... සුදීක්ෂාගෙ පපුවත් හිර වුණා වගේ වේදනාවක් දැණුනා.... ❛❛ අනේ මට සමාවෙන්න.... ❜❜ ❛❛ මොකටද? ❜❜ ❛❛ ඔයාගෙ හිත රිද්දුවට.... ❜❜ ❛❛ අයියෝ එහෙම දෙයක් නෑ.. කෝ එන්න අපි ඔයාගෙ කිරිබත් එක කාලා බලමු.. රස පාටයි.. සුවඳයි... ❜❜ කොල්ලා හරි ආසාවෙන් කෑම මේසෙ දිහා බැලුවා... ❛❛ මගේ කෑම රසයි තමයි නේද ශීනා... අද කෑවොත් හැමදාම ඉල්ලයි... ❜❜ කෙල්ල හිනාවෙවී කිව්වෙ අළු ඇස් දඩබ්බරයාගෙ පිඟානට කිරි බත් කෑලි දෙකක්ම බෙදන ගමන්.... ****************************************** උදේ හරී ආසාවෙන් රස කර කර කිරිබත් කාපු අළු ඇස් දඩබ්බරයාගෙ මතකය සුදීක්ෂාගෙ හිතේ ලෝබකමක් ඇති කරලා තිබුණා.. චුට්ටක්වත් ඉතිරි නොකර කිරිබත් ඔක්කොම කාපු කොල්ලා සුදීක්ෂාගෙ අතින් හදපු කෝපි එකකුත් බීලාමයි ගෙදරින් එළියට ගියේ.. මේ හැමදේම හරියට හීනයක් වගේ... අළු ඇස් දඩබ්බරයා කියලා ගියපු විදියටම ශීනා සුදීක්ෂා ළඟටම වෙලා ඉන්නවා... බාත්රූම් එකට ගියත් දොර අරිනකංම දොර පහුරු ගගහා ඉන්නවා... හරි පුදුමයි.. මේ ජීවිතේ දෛවය තමන්ට දුක් දීලා දීලාම හෙම්බත් වෙලා හිටපු කෙල්ලට අද දෙවියෝ සැනසීමක් ගෙනත් දීලා... ඒ අළු ඇස් දඩබ්බරයයි ශීනයි.. හැමදේ ගැනම හිත හිතා මුළු ගේම අස් කර කර අතුගාපු කෙල්ලගෙ ඇස් නැවතුණේ ලස්සන පින්තූර කිහිපයක් ළඟ... ❛❛ ශීනා.... මේ බලන්නකො.. ඔයාගෙයි අයියගෙයි ලස්සන.. අයියා ඔයාට හරි ආදරෙයි නේද ශීනා.. ❜❜ කියන දේ හොඳට තේරෙනවා වගේ ශීනාත් හුරතල් වෙවී මොනවදෝ කිව්වෙ එයත් අයියට හරි ආදරෙයි කියන්න වගේ... ❛❛ ඔයාගෙයි අයියගෙයි ෆොටෝස් විතරමයි නේද ශීනා මේ ගෙදර තියෙන්නෙ... සමහරවිට අම්මගෙයි අප්පච්චිගෙයි ෆොටෝස් දකිනකොට දුක නිසා ඒවා අයින් කරන්න ඇති... දවල්ට අයියා ආවම අහන්න මතක් කරන්න එයාට අයියලා අක්කලා නැද්ද කියලා... හොඳද ශීනා... ❜❜ කෙල්ලගෙ වචනයක් වචනයක් ගානෙම ශීනාත් මොන මොනවදෝ කිය කියා උඩ පැන පැන හුරතල් වුණා... කතාවෙන් කතාව කෝලම් කර කර ගෙදර අස්පස් කරන වැඩ සේරම ඉවර කරන්න කෙල්ලට මහ වෙලාවක් ගියේ නෑ.. දාඩියත් දාලා පොඩි මහන්සියක් දැණුනු නිසා ඇඟපත සෝදගන්න යන්න හදපු කෙල්ල එකපාරටම නැවතුණේ බිත්තියක් පිරෙන්න තිබුණු විශාල කණ්ණාඩියක් ළඟ... ඒ කණ්ණාඩියෙන් මුළු සාලයම හරි ලස්සනට පෙණුනා... ඊටත් වඩා ලස්සනට සුදීක්ෂාව පෙණුනා.. ශීනාත් හරි ආසාවෙන් කණ්ණාඩියෙන් පේන රූපය දිහා බලාගෙන හිටියා... ❛❛ ඇත්තටම අක්කා මේ ඇඳුමට ලස්සනයි නේද ශීනා? ❜❜ කණ්ණාඩියෙන් පේන තම රුවෙහි හැඩ බලන ගමන් සුදීක්ෂා ඇහුවෙ හරි ආසාවෙන්... උත්තරයක් ඕන නිසාම නෙවෙයි කලින් දවසෙ රෑ කෝලම් කර කර තමන් දිහා බලපු අර ලස්සන අළු පාට ඇස් මතක් වෙලා.. විශාල කමීසයකින් වැහිලා තියෙන තම හැඩැති සිරුර කෙල්ල හරියටම දැක්කෙ දැන්... ගොම කොළ පාට ඒ කමීසය අතින් පිටුපසට කරමින් සිරුරෙ හැඩ බලද්දි කෙල්ලගෙ ඇස් නතර වුණේ හරි ලස්සනට පේන හංස පොහොට්ටු ළඟ.. එල්ලා නොවැටෙන පිරිපුන් ළැම හරි ලස්සනට රවුමට තිබුණෙ හැඩ දොඩම් ගෙඩි දෙකක් දෙකක් වගේ.... ඒ මැද චූටි හංස පොහොට්ටු හරි ලස්සනට පෙණුනා... කෙල්ලගෙ මුහුණට ඉබේම හිනාවක් ආවෙ කලින් දවසෙ රෑ අර අළු ඇස් දඩබ්බරයා කියපු කතාව මතක් වෙලා.... ****************************************** ❛❛ සරත්.... ❜❜ ❛❛ සර්.... ❜❜ ❛❛ සරත්... නෙක්ස්ට් වීක් ඉඳලා අපේ මේ හොටෙල් එකේ රිසෙප්ෂන් එකට අලුත් ගර්ල් කෙනෙක් එයි.. අහිංසක ලස්සන පුංචි කෙල්ලෙක්... එයාව පරිස්සමෙන් බලාගන්න ඕන හොඳද... කාගෙන්වත් ප්‍රශ්නයක් වෙන්න දෙන්න එපා... ❜❜ ❛❛ සර්ගෙ නෑදෑ හිතවතෙක්ද සර් ? ❜❜ ❛❛ ත//මුසෙට ඒ පැහිච්චකම් වැඩක් නෑනෙ.. කියපු දේ කරනවකො... ❜❜ ❛❛ අනේ සොරි සර්... මං මේ නිකං කටට ආවට ඇහුවෙ.. හරි සර් මං බලාගන්නම් ඒ ළමයව.. සර් බය වෙන්න එපා.. ❜❜ ❛❛ නෑ නෑ.. ඉට්ස් ඕකෙ... අර මගෙ යාළුවාගෙ කෙල්ල බං ඒ... පව් අහිංසක කෙල්ලෙක්.. ඒකයි... ❜❜ ❛❛ සවීන් මහත්තයාගෙද...? ❜❜ ❛❛ නෑ... නෑ... අනිත් එක්කෙනාගෙ... ❜❜ ❛❛ සර් ඉතිං හැමදාම එක එක යාළුවො ගැන කියනවා.. ඒ වුණාට ඉතිං අපි දැකලා තියෙන එකක්යැ... ඇත්තටම සර් කෝ දැන් සවීන් මහත්තයා... කාලෙකින් සර් ඒ මහත්තයා ගැන කිව්වෙ නෑ... ❜❜ ❛❛ ආහ්... සවීන් යූ එස් ඒ ගියානෙ සරත්... ළඟදි එනේකක් නෑ.. සරත්ටත් ඕන නැති එකක් නෑ.. ඉන්නවකො කොයි වෙලාවක හරි මං මගේ යාළුවො ඔක්කොම එක්කං ඇවිත් සරත්ට අඳුන්වලා දීලා යන්නම්... එතකොට හරිනෙ... ❜❜ අළු ඇස් දඩබ්බරයා නෝක්කාඩු බැල්මක් හෙළමින් යන්න හැරුණා... ❛❛ යාළුවෙක්ගෙ යාළුවෙක්ගෙ කිව්වට මුගේම කෙල්ලද කොහෙද.. නැත්නම් ඉතිං ඔච්චර පරස්සම් කරන්නෙ මොකටද... ඒ නැතත් එන්න ඉන්න එක සතියකට කලින් කියන්න ඕනයැ වෙන එකෙක්ගෙ නම්... මුගෙ පානිය මදි මේ සරත්ව තම්බන්න.. ❜❜ අළු ඇස් දඩබ්බරයට පිටුපා සිටි සරත් මිමුණු දෙය හරිහැටි ඇහුණෙ නැතත් මොනවමහරි කිව්වා කියලා නම් කොල්ලට තේරුණා... ❛❛ සරත්... මොනවහරි කිව්වද? ❜❜ ❛❛ ආ... මේ.. මං.. නෑ සර්... මොකුත් නෑ... මං මොකුත් කිව්වෙ නෑ... ❜❜ බියටපත් වුණු සරත් හරි අමාරුවෙන් වචන ගැළපුවා... ❛❛ එහෙනම් දැන් ගිහින් වැඩක් බලාගන්නවා මනුස්සයෝ.... ❜❜ හිතේ ඒ හැටි තරහක් නැතත් ටිකක් සැරෙන් කී දඩබ්බරයා සරත්ට එලෙසින් සමුදී සිය කාර්යාලය දෙසට ඇවිද ගෙන ගියා.. නමුත් කාර්යාලයේ දොර විවෘත කරනවාත් සමඟම එකවර දුටු දෙයින් අළු පාට ලස්සන ඇස් රුදුරු ලෙස ගිනියම් වුණා.. කාර්යාල කාමරය සම්පූර්ණයෙන් වායුසමනය කර තිබුණද හැඩිදැඩි සිරුර දහඩියෙන් පෙඟුණෙ තරහටමයි.... ❛❛ ස... සහේලි.. ත//මුසෙ... ඒපාර මෙතනටත් ආවද? කවදද ඕයි මේ මළ කරුමෙ ඉවර වෙන්නෙ? ❜❜ ලස්සන දුහුල් සාරියකින් සැරසී තමන් ඉස්සරහා ඉන්න හැඩකාර තරුණියගෙන් අළු ඇස් දඩබ්බරයා කෝපයෙන් ඇහුවා... ❛❛ දන්නෙ නෑ.... ❜❜ ඇය සන්සුන්ව පිළිතුරු දුන්නා... ❛❛ දන්නෙ නෑ කියන්නෙ? ❜❜ සහේලිව දවා අළු කරවන තරමේ රුදුරු බැල්මක් ඒ ඇස්වල තිබුණා... ❛❛ දන්නෙ නෑ කියන්නෙ ඉතිං දන්නෙ නෑ.. ඔයා මට ආදරේ වෙනකං ඔයා යන එන හැම තැනකටම මමත් මේ විදියටම එයි...❜❜ ❛❛ මේ මොන පිස්සුවක්ද සහේලි.... ත//මුසෙ ආදරේ කළේ සවීන්ටනෙ... ඇයි දැන් මගෙ පස්සෙන් එන්නෙ? යනවකො සවීනය හොයාගෙන... ඌ දැන් ඉන්නෙ යූ එස් ඒ වල.. මම ත//මුසෙට කලිනුත් කිව්වනෙ... ❜❜ ❛❛ මට ඕන ඇති සවීනයෙක් නෑ... මං දැන් ආදරේ ඔයාට... ඔයාට විතරමයි.. ඔයත් මට ආදරේ වෙනකං ඔයා යන එන හැමතැනකටම මමත් එනවා.. මං ඔයාගෙන් ඉල්ලන්නෙ එකම එකම පැයයිනෙ.. දවසකට මං වෙනුවෙන් එකම එක පැයක්... ❜❜ ඒ ඇස් වල තිබුණෙ ආයාචනාත්මක බැල්මක්... ❛❛ අනේ මේ සහේලි... ත//මුසෙ මෙහෙම මේ ඔෆිස් එක අස්සෙ රිංගුවා වගේ පැයකට නෙවෙයි එකම එක විනාඩියකටවත් මගේ ගෙදරට නම් එන්න එපා ආයෙ කවදාවත්... ❜❜ ❛❛ ඇයි.... ඔයාගෙ සුදීක්ෂා මාව දකියි කියලා බයයිද ? ❜❜ සහේලිගෙ අවඥාසහගත සිනහව ඉදිරියෙ අළු පාට දඩබ්බර ඇස් පුදුමයෙන් වගේම කලබලයෙන් විසල් වුණා.. තමන් කාටවත්ම නොකී ඒ රහස මේ කොහේවත් ඉන්න කෙල්ලෙක් දැනගත්තෙ කොහොමද කියලා ඔහුට අදහගන්නත් බැරි වුණා.... ****************************************** කවුද ළමයි මේ සහේලි? එයා කොහොමද දන්නෙ සුදීක්ෂා ගැන.... අයියෝ.. මොන හෙණ ගෙඩියක්ද ඒපාර 😫💔 _ මම අහිංසා 🌻
0 Comments
No comments yet. Be the first to comment!