0️⃣5️⃣ කොටස ❛❛ ශිට්... බලනවා අයිසෙ.. ත//මුසෙලාගෙ කට විතරයි රණේ... සති දෙකකුත් ගියා.. කෝ නෑනෙ තවම කෙල්ල ගැන ආරංචියක් වත්...❜❜ ❛❛ කට විතරයි කියන්නෙ ඉතිං මං ගානට වැඩේ කළා... බොස්ගෙ කලබලේ හින්දනෙ කෙල්ල පැන්නෙ.... ❜❜ ❛❛ කොහොමද ඕයි ඉවසන්නෙ... බලනවකො ජම්බු ගෙඩිය වගේ ඒකි දිළිසෙන ලස්සන.. ආසාවෙ බෑ... මගේ ජීවිතේ මං ගෑණු ඕන තරම් දැකලා අත ගාලා ඇති.. ඒත් මේකි.... වචන නෑ බං.. සුපිරියි.. ❜❜ ❛❛ මට නම් හිතෙන්නෙම බොස් අර එවලෙ කාර් එකක හැප්පුණේ ඕකිම තමයි... කොහෙද ඉතිං මේ පැත්තෙ ට්රැෆික් එක ඉවර වෙනකොට ඒ පැත්තෙ වෙන්න ඕන සේරම වෙලා ඉවරයිනෙ... අන්තිමට හිටපු එවුන් හැප්පුණේ ගෑනියෙක්ද මිනිහෙක්ද කියලවත් දන්නෙ නෑ කිව්වනෙ.... ❜❜ ❛❛ ඒ කාර් එකේ නම්බර් එක බලාගත්තෙ නෑනෙ උ//ඹ... ශිට්... ❜❜ ❛❛ කොහෙ බලන්නද බොස්... ඒක කෙ//ළගෙන ගියානෙ... මට ඉස්සරහින් ඒකිව අතේ ගෑවෙන නොගෑවෙන දුරින් දුවපු බොස්ගෙම එවුනුත් අඩුගානෙ හැප්පුණේ ඒකිමද කියලවත් නොදැක්ක එකේ ආයෙ මං කොහොම ඔය නොම්බර දකින්නද බොස්... ❜❜ ❛❛ මට ඒ කතා වලින් වැඩක් නෑ රණේ... කොහොමහරි කෙල්ලව හොයාගනිං... ඕකි කට ඇරියොත් මං ඉවරයි... කොහොමද ඕයි මගෙ දරුවා පාරක බැහැලා යන්නෙ.. ❜❜ ❛❛ බොස්ගෙ කලබලේ නොවුණා නම් අද කෙල්ල සැපට නැළවි නැළවි බොස්ගෙ උකුලෙ... හෙමීට පොඩි රස්සා කට්ටක් ලයින් කරලා දුක අහන බොස් වෙලා මොණරු පෙන්නලා අතේ කටේ නොගෑවෙන්න බඩට දාගන්න තිබුණු එක බොස්... අපරාදෙ.... ❜❜ ❛❛ අයිසෙ රණේ... ත//මුසෙ මං ගැන නොදන්නවා නෙවෙයිනෙ... කොච්චර නම් කෙල්ලොන්ව මං ඔහොම හෙමීට දිව්යලෝකෙ පෙන්නලා ටකල් කරගෙන තියෙනවද කියලා ත//මුසෙ දන්නවනෙ... ඒත් මේකිව දැක්කම මට මොනවා වුණාද කියලා මටම හිතාගන්න බෑ... ඕකි කලින් ස්පා එකක නේද වැඩ කළා කිව්වෙ... ඒ පැත්තෙ පොඩ්ඩක් හෝදිසි කරලා බැලුවෙ නැද්ද? ❜❜ ❛❛ බැලුවා බැලුවා බොස්... මේකි ඒ කොහේවත් නෑ... බෝඩිමේ හිටපු අනෙක් එකීට හෙමීට කිට්ටු කරලා බැලුවා මං කෙල්ල ගමට පැනලවත්ද කියලා.. ඒත් නෑ බොස්... අවුරුදු දෙකකට උඩින් මෙහා කෙල්ල ගමේ පස් පාගලවත් නෑලු බොස්..❜❜ ❛❛ යකෝ... ත//මුසෙගෙ මොළේ හොඳ නැද්ද රණේ..? දැන් ඔය බෝඩිමේ ගෑනි උ//ඹව සැක කරයි... බැරි වෙලාවත් මේ කතාව එළියට ආවොත් මාත් විනාසයි.. පො//ලීසිය අපේ අල්ලෙ හිටියට දන්නවනෙ සෝෂල් මීඩියාකාරයොන්ගෙ හැටි... උන් මාව උඩ තියන් ග//හයි... ❜❜ ❛❛ නෑ නෑ බොස් ඒ ගැන බය වෙන්න එපා.... ඒකි කෙල්ල නෑ කියලවත් පොලීසියට කියලා නෑ... ඒකි කෙල්ලව ගමෙන් පන්නං ආවට වැඩක් ගන්න බැරි වුණාලු.. මට ස්පා එකේ එකියක් කිව්වෙ... මේකි ස්පා එකට ගියාට මොකද ක්ලීනිං ඇර අතපත ගාන එව්වා කරන්න බෑ කිව්වාලු... ඊට පස්සෙ තමයි ඒකි ඔය අතන මෙතන ගෙවල්වල ඉඳුල් හෝදන වැඩ කරලා තියෙන්නෙ... ❜❜ ❛❛ අයිසෙ... ත//මුසෙ මට ඔහොම කතාවක් කලින් කිව්වෙ නෑනෙ... ස්පා කෑ//ල්ලක් කිව්වම මම හිතුවෙම හොඳ සැප බ//ඩුවක් වෙන්නැති කියලා... ශිට්... එක අතකට පව් ඒකි... ❜❜ ❛❛ ඉතිං බොස්.... බොස්මනෙ කිව්වෙ මේ පාර ළඟට එනකොටත් බය වෙලා ගුලිවෙන ජාතියෙ එකක් හිටියා නම් හොඳයි කියලා... ❜❜ ❛❛ ඒ වුණාට අයිසෙ...... හරි දැන් ඒකෙන් වැඩක් නෑනෙ... වුණ දේ වුණා... දැන් අර ගෑනි මොකද කියන්නෙ? ❜❜ ❛❛ මොන ගෑනිද බොස්? ❜❜ ❛❛ කෙල්ලගෙ බෝඩිමේ ගෑනි බං... ❜❜ ❛❛ ආහ්... ඒකි ශේප් බොස්... කෙල්ලව පන්නගන්න විදියක් නැතුව ඉඳලා තියෙන්නෙ.. අලුත් රස්සාවකට යනවා කිව්වම ඇඳුම් පැළඳුම් ටික පවා අරං දීලා තියෙන්නෙ ඒකිමයි... ඒකි දවල් දවසට ස්පා එකේ වැඩ කරලා රෑට වෙනම පාර්ට් ටයිම් එකක් කරං ගිහින් තියෙනවා.. මේකි හින්දා ඒ වැඩේ පොඩ්ඩක් අඤ්ඤකොරොස් වෙලා... ඒ නිසා කෙල්ල මිසින් වුණු එක ඒ ගෑනිට වාසියි බොස්....❜❜ ❛❛ ඒකත් එහෙමද.... ඒ වුණාට මගෙ හිතට අවුල් රණේ... ශිට්.. කොහොම වුණත් දැන් ළිඳට වැටුණු මිනිහා ඒ ළිං කටින්මයි ගොඩ එන්න ඕන කියනවනෙ.. ඒ නිසා අපි කෙල්ලව හොයාගෙන ඒකිගෙ කට හොඳින් හෝ නරකින් වහන්නම ඕන රණේ.....❜❜ සම්පත් කල්පනාබරව කියූ අවසන් වචන හමුවේ රණේ කිසිත්ම නොකියා සිටියේ ඒ වචන ඉල්ලීමක් ආයාචනයක් නොවන බව හොඳින්ම දන්න නිසයි... ඒ තමයි සම්පත්ගෙ අණ... ****************************************** ❛❛ ශීනා.... කෝ මේ ශීනා... කෙල්ලේ.. මේ බලන්න කවුද ඇවිත් තියෙන්නෙ කියලා... මතකද මේ ආන්ටිව... අර ටිකක් ලස්සන නමක් තියෙන කටර් එක... ඔන්න අද ඉඳලා ඔයාගෙයි මගෙයි තනියට මේ ආන්ටිත් ඉන්නවා... මං නැති වෙලාවට ආන්ටිව හොඳට බලාගන්න ඕන හොඳ කෙල්ල වගේ.... ❜❜ බැලූ බැල්මට ගොඩක් නපුරු පාටට පෙනෙන කළුම කළු ශීනා මේ ලස්සන අළු ඇස් දඩබ්බරයා එක්ක හුරතල් වෙන විදිය දැක්කම සුදීක්ෂාට ගොඩක් පුදුමයි.... ඊටත් වඩා පුදුම මන්දිරයක් වගේ මේ සුවිසල් ගෙදර වෙන කවුරුත්ම නැති එක... ජීවිතේ හරි පුදුමයි.. යන එනමක් නැතිව අසරණ වෙලා හිටපු සුදීක්ෂාට අද කොහේදෝ ඉඳලා ආපු ලස්සනම ලස්සන කොල්ලෙක් පිහිට වෙලා... මොන නෑ කමකටද... මොන හිතවත් කමකටද... මොකුත්ම නෑ... හිතාගන්න බැරි දෛවයේ මොකක්දෝ හමුවීමක්..... ❛❛ මොකද මේ බය වෙලා වගේ ? ❜❜ අළු ඇස් දඩබ්බරයාගෙ හඬින් සුදීක්ෂා කල්පනාවෙන් මිදුණා... ශීනාත් කාලෙක ඉඳන් දන්න හොඳට හුරු පුරුදු කෙනෙක් වගේ සුදීක්ෂාගෙ ඇගේ දැවටුණා... ❛❛ මො.. මොකුත් නෑ... මේ... මේ ගෙදර මහත්තයගෙමද ? ❜❜ ❛❛ ආ.... ආ.. මේ... මේ... මහත්තයා කෑලි නෑ.. ඔයා මෙයා කියලා පුරුදු විදියටම කතා කරන්න... නේද ශීනා... ❜❜ අළු ඇස් දඩබ්බරයා කිව්වෙ ශීනාගෙ බෙල්ල අතගාන ගමන් සුදීක්ෂා දිහා හොරැහින් බලමින්.... ❛❛ එහෙම හරි නෑනෙ මහත්තයා.... ❜❜ සුදීක්ෂා හරි බයාදු ලෙස කිව්වා... ❛❛ එහෙම හරි නෑ නෙවෙයි... එහෙම තමයි හරි.. ඇත්ත කියන්න.. ඔයා හිතන් හිටියෙ මම මේ ශීනාව බලාගන්න වැඩකාරයා කියලා නේද....? ❜❜ අළු ඇස් දඩබ්බරයා සුදීක්ෂාගෙ ලස්සන හීනි ඇස් දෙකටම එබුණා... ❛❛ මහත්තයා තනියෙන්ද මේ ගෙදර ඉන්නෙ ? ❜❜ යාන්තමින් හිනැහුණු සුදීක්ෂා කතාව වෙනතක හැරවූයේ ඇත්ත කියන්න ලැජ්ජ හිතුණු නිසා... ❛❛ අනේ අනේ කපටි කෙල්ල... හෙමීට කතාව වෙනස් කරනවා නේහ්... කපටිම නෑ නේහ්... නෑ.. නෑ.. මං තනියෙන් නෙවෙයි ඉන්නෙ.. ❜❜ ❛❛ එහෙනම්? ❜❜ ❛❛ ශීනා එක්ක... නේද ශීනා... ❜❜ අළු ඇස් දඩබ්බරයාගෙ හිනාවත් හරිම ලස්සනයි කියලා සුදීක්ෂාට හිතුණෙ ශීනා එක්ක කෝලම් කරන හැටි දැක්කමයි... පොඩි එකෙක් වගේ... හරිම හුරතල්... පිස්සු කෝලමක්... ❛❛ මං ඉක්මනටම මොකක්හරි රස්සාවක් හොයාගෙන යන්නම් මෙහෙන්... නැත්නම් මහත්තයටත් කරදරයිනෙ... එතකං මට මේ කරන උදව්වලට මහත්තයට ගොඩාක් පිං... ❜❜ සුදීක්ෂා දෑසෙ කඳුළු පුරවගෙන අළු ඇස් දඩබ්බරයාගෙ දෑස දෙසම බැලුවා... ❛❛ හරි හරි පිං දෙන්න පස්සෙ බැරියෑ... උඩ රූම් එක ඔයාට ලෑස්ති කරලා තියෙන්නෙ... ගිහින් වොෂ් එකක් දාගන්න... මම කෝපි එකක් හදාගෙන එන්නම් ඔයාටත් එක්ක...❜❜ ❛❛ අනේ මහත්තයා තව කරදර වෙන්න එපා... කෝපි සීනි තියෙන තැන මට පෙන්නන්නකො.. මම හදලා දෙන්නම් මහත්තයට... ❜❜ සුදීක්ෂා ඉඳගෙන සිටි සෝෆාවෙන් නැඟිට්ටෙ නවීන පන්නයේ මුළුතැන්ගෙය දෙසට යාමට සිතාගෙනය... ❛❛ අනේ මේ පණ්ඩිත ආච්චියේ... ඔය ඔළුවෙ තුවාලෙ හොඳ වෙනකං ඔයා රෙස්ට් කරන්න ඕන... මේ ගෙදර වැඩ කරන්න දවල්ට ගෑනු කෙනෙක් එනවා.. එයා අද නිවාඩු.. අදට විතරයි මම කෝපි හදන්නෙ... යන්න යන්න.. පණ්ඩිතයා නොවී ගිහින් වොෂ් එකක් දාගෙන රෙස්ට් කරන්න... ❜❜ ****************************************** නානකාමරයේ ශවරයෙන් ආපු උණු වතුරෙ රස්නෙට කෙල්ලට දැණුනෙ පුදුම සනීපයක්.. හොඳට ඇඟපත හෝදගත්තටත් පස්සෙයි කෙල්ලට මතක් වුණේ අඳින්න ඇඳුමක්වත් නෑ නේද කියලා.. මොනවා කරන්නද කියලා හිත හිතාම නානකාමරයේ තිබුණු සුදු පාට අලුත්ම තුවායත් ඇඳගෙන කාමරේ ඇතුළට ආවත් කෙල්ලට කිසි දෙයක් මතක් වුණේ නෑ... මතක් වුණු එකම දේ ඒ ලස්සන අළු පාට දඟකාර ඇස්.... ❛❛ ශීනා.... ශීනා.... අනේ චුට්ටක් එන්නකෝ ශීනා... ❜❜ කරගන්න දෙයක් නැතිම තැන කෙල්ල කතා කළේ ශීනාට... ශීනාත් එක පිම්මෙ උඩ තට්ටුවට දුවගෙන ඇවිත් කාමරේ ඇතුළෙ හිටපු සුදීක්ෂාගෙ ඇගේ දැවටුණේ හොඳට හුරුපුරුදු කෙනෙක් වගේමයි... කෙල්ලගෙ සද්දෙට අළු ඇස් දඩබ්බරයත් එන හඬ ඇහුණු නිසාම කෙල්ල ටිකක් සද්දෙන් ශීනා එක්ක කතා කළා... ❛❛ ශීනා... බලන්නකො මට අඳින්න ඇඳුමක් නෑනෙ... ඔයාගෙ අංකල්ට කියන්නකො අක්කිට ඇඳුම් නෑ කියලා... ❜❜ සිනහව තද කරගෙන ශීනාව හුරතල් කරන කෙල්ල දැක්කෙ නෑ කාමරයෙන් පිට ඉන්න අළු ඇස් දඩබ්බරයගෙ හිනාව.... ඒ ඇස් පවා හිනාවෙනවා... හරි ලස්සනට... ❛❛ ශීනා.... ඔය ආන්ටිට කියන්න කාමරේ තියෙන අල්මාරියෙ මේ අයියගෙ ඇඳුම් නම් තියෙනවා කියලා... ❜❜ ❛❛ ශීනා... ඒ අංකල්ට කියන්නකො මේ චූටි අක්කිට ඒ අංකල්ගෙ ඇඳුම් ගොඩක් ලොකු ඇති කියලා... ❜❜ ❛❛ ශීනා... ඔයාගෙ ආන්ටිට කියන්නකො අයියගෙ ලොකුම ලොකු ෂර්ට් එකක්වත් ඇඳගෙන එළියට එන්න කියලා... කෝපි නිවෙනවා... ❜❜ දෙන්නගෙ කතා බහ නොතේරුණත් ශීනා නම ඇහෙන ඇහෙන පාරට හරි සතුටින් මාරුවෙන් මාරුවට දෙන්නා ළඟටම ගිහින් හුරතල් වුණා... කාමරයේ තිබුණු සුවිසල් අල්මාරියෙ ඇඳුම් පවා හරීම සුවඳයි.. ඔක්කොම අලුත් පාට ඇඳුම්... ඒ අතරින් ගොම කොළ පාටට හුරු ෂර්ට් එකකට කෙල්ලගෙ ඇහැ ගියා.... ****************************************** ❛❛ වා....ව්.... බලන්නකො ශීනා අක්කිගෙ ලස්සන... ❜❜ කියපු දේ තේරුණා වගේ ශීනාත් බලාගෙන හිටියෙම පඩිපෙළ බැහැගෙන එන සුදීක්ෂා දිහා... දණහිසට අඟලක් දෙකක් උඩින් තිබුණු ලොකු ටී ෂර්ට් එක ගවුමක් වගේ ඇඳගෙන ආපු කෙල්ල හරි ලස්සනට පෙණුනා.. ගොම කොළ පාටට කැපිලා යන ඇත් දළ පාට සිනිඳු අතපය වගේම ෂර්ට් එකටත් වඩා දිගට තිබුණු කොණ්ඩෙ කෙල්ලට ගෙනාවෙ පුදුම ලස්සනක්.... ❛❛ ආ... දැන් ඇයි අක්කි කියන්නෙ? කලින් කිව්වෙ ආන්ටි කියලනෙ... ❜❜ කෙල්ලගෙ බොරු නෝක්කාඩුවට අළු පාට ලස්සන ඇස් හිනාවුණා... ❛❛ ඒ වෙලාවෙ ඉතිං දැක්කෙ නෑනෙ මෙච්චර ලස්සනයි කියලා.... ❜❜ ❛❛ අනේ යන්න... ❜❜ ❛❛ කොහේ යන්නද මං මේ කෙල්ල දාලා..... බදාගෙන ඉන්නවා මිසක්... ❜❜ ඒ ලස්සන අළු පාට ඇස් සුදීක්ෂා දිහා බැලුවෙ ලොකූ ලෝබකමකින් වගේ... ❛❛ මොකක්... මොන කෙල්ලද? ❜❜ ❛❛ මගේ මේ ශීනා කෙල්ල... ❜❜ අළු ඇස් දඩබ්බරයා හිනා වෙවී ශීනාව බදාගත්තත් සුදීක්ෂාට හොඳටම තේරුණා ඒ කිව්වෙ ශීනා ගැන නම් නෙවෙයි කියලා... ❛❛ කෝපි එක නම් රසයි... ❜❜ සුදීක්ෂා කිව්වෙ කෝපි උගුරක් බොන ගමන් හොඳට හරිබරි ගැහිලා අළු ඇස් දඩබ්බරයාගෙ ඉස්සරහින් තිබුණු සෝෆා එකේ ඉඳගනිමින්මයි... ❛❛ මේහ්.... ❜❜ ❛❛ ම්ම්ම්ම්... ❜❜ සුදීක්ෂාගෙ ලස්සන ඇස් දඩබ්බර අළු පාට ඇස් එක්කම බැඳුණා... ❛❛ මම හිතන් හිටියෙ ඔයා පහළට ආවම අපේ අම්මගෙ අල්මාරියෙ තියෙන ඇඳුමක් බලලා ඇඳගන්න කියන්න... ඒත් දැන් හිතෙනවා ඊට වඩා ඕක හොඳයි කියලා... ❜❜ ❛❛ ඒ ඇයි? ❜❜ ❛❛ ෂර්ට් එක අස්සෙන් හෙළවෙනකොට ලස්සනයිනෙ... ❜❜ එකපාරටම දෑතින්ම පපුව වහගත්තු කෙල්ලගෙ හිතට තරහක් ආවත් ඒ ලස්සන අළු ඇස් දෙකේ දඟකාර හිනාව දැක්කම කෙල්ලටත් නොදැනීම හිනාවක් ආවෙ තරහ කොහේ ගියාදැයි නොදැනිමයි... ****************************************** _ මම අහිංසා 🌻
0 Comments
No comments yet. Be the first to comment!