0️⃣4️⃣ කොටස ❛❛ ම... මං මේ කො... කොහෙද ඉන්නෙ... ආහ්.. මගෙ ඔළුව... අනේහ්... ❜❜ සුදීක්ෂා අපහසුවෙන් දෑස් විවර කර වටපිට බැලුවා... කෙල්ලගෙ ඔළුව පුපුරන්න තරමට වේදනා දුන්නා.. ඒකමයි හෙමීට අතගාලා බැලුවෙ... ඒ සිහින් සිනිඳු අතැඟිලි වලට අහු වුණේ විශාල බැන්ඩේජ් පටියක්... ඒ විතරක්ද අතට ගහලා තිබුණු කටු නිසා තවත් අමාරුයි... කෙල්ලට හොඳටම තිබහයි... වට පිට බලද්දි තමයි දැක්කෙ තමන් ඉන්නෙ පෞද්ගලික රෝහලක කාමරයක් ඇතුළෙ කියලා... කවුරුත් පේන්නට නොසිටි නිසාම ඇඳෙන් බහින්න හැදුවත් කෙල්ලට නැඟිටගන්නත් බෑ වගේ... තමන් කොච්චර වෙලාවක් මෙහෙම සිහිසුන්ව හිටියද කියලවත් අදහසක් කෙල්ලට නැති නිසාම දෑස පියාගෙන කල්පනා කළා... 💭 ❛❛ එ... එන්න එපා ළඟට... ආ.. ආවොත් ගහනවා මේකෙන් ඔළුව පොඩි වෙන්න... ❜❜ 💭 සම්පත්ගේ අයුතු යෝජනා හමුවේ බියපත් වුණු සුදීක්ෂා සම්පත්ට සිතන්නවත් ඉඩක් නොතියාම නැඟිට්ටෙ මල් පෝච්චියත් දෑතින්ම අරගෙනමයි.... දෑස හූරගෙන ගලා හැලෙන කඳුළු වැල් සුදීක්ෂාගෙ මුළු මුහුණම තෙමලා තිබුණෙ පපුවත් තෙමමින්මයි... 💭 ❛❛ අයියෝ කෙල්ලෙ.... මොකද මේ කලබල වෙලා... මම ඔයාට කොච්චර හොඳ චාන්ස් එකක්ද දුන්නෙ... ඔයා දන්නවද මේ චාන්ස් එක ගන්න එළියෙ කී දෙනෙක් නම් බලන් ඉන්නවද කියලා... ❜❜ 💭 💭 ❛❛ ඉ... ඉතිං එයින් එකියෙක්ටම දීපං උ//ඹලගෙ ඔය මහ ලොකු චාන්ස් එක... මට පාඩුවෙ යන්න දීපං.... ❜❜ 💭 💭 ❛❛ චී... චී... ඔය සුදු මුහුණට ඔය වගේ වචන ගැළපෙන්නෙ නෑ කෙල්ලෙ... ❜❜ 💭 සම්පත් ටිකෙන් ටික බියෙන් වෙව්ලන සුදීක්ෂාට ළං වුණේ ඇගේ දෑතෙහි වූ මල් පෝච්චිය ගන්නා අරමුණෙන්... 💭 ❛❛ එ... එන්න එපා... තව අඩියක් වත් එන්න එපා... මම කෑ ගහනවා.. ❜❜ 💭 💭 ❛❛ කෑ ගහන්නකො බලන්න.. ඔය ලස්සන චූටි කටින් කෑ ගහන හැටි බලන්න මං හරි ආසයි.. කෑ ගහන්නකො ඉතිං... කෝ... ❜❜ 💭 💭 ❛❛ අ... අනේ.. මාව බේරගන්න.. මාව බේරගන්න කවුරුත් නැද්ද.. අනේ.. මේ ජරා මිනිහා මට කරදර කරනවා... අනේ... මාව බේරගන්න.. ❜❜ 💭 සුදීක්ෂා හැකි උපරිම උස් හඬකින් මොර දුන්නත් ඇගේ පිහිටට නම් කවුරුවත්ම ආවෙ නෑ... 💭 ❛❛ අනේ මෝඩ කෙල්ල... ඔයා කොච්චර කෑ ගැහුවත් එළියෙ ඉන්න කාටවත්ම ඇහෙන්නෙ නෑ ළමයො... ❜❜ 💭 සම්පත් සමච්චලයෙන් හිනා වුණේ සුදීක්ෂාගෙ අසරණ දෑස්වලට එබීගෙන තවත් ළං වෙමින්... සම්පත්ගේ දරදඬු අතට අහුවෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීම මල් පෝච්චියත් සමඟින්ම ඔහුව තල්ලු කර දමන්නට සුදීක්ෂාට හැකි වුණා... සුදීක්ෂාගේ මුළු සිරුරේම වැරෙන් තල්ලු වුණු සම්පත් විසි වී ගොස් බිත්තියේ වැදෙන අයුරු සහ මල් පෝච්චිය බිම වැටී කුඩු වී යන අයුරු යාන්තමින් ඇහැ කොණකින් දැක්කත් ඒ දිහාවත් හරිහැටි බලන්නට එක මොහොතක්වත් වැය නොකර කෙල්ල සම්පත්ගේ කාර්යාල කාමරයෙන් එළියට පැන දිව්වා... රණේ පිළිගැනීමේ නිළධාරිනියන් දෙදෙනා හා හිනැහෙමින් මොන මොනවදෝ කියවන අයුරු දුටු සුදීක්ෂාගෙ කඳුළු වියලුණු දෑස කෝපයෙන් ගිනියම් වුණා... රණේව ම//රන්නට තරම් ආවේගයක් ඒ හිතට දැණුනත් මොකුත්ම නොකියා කෙල්ල රණේවත් තල්ලු කරමින්ම එළියට බැහැලා දිව්වෙ ඇගේ පසුපසින්ම කෑ ගසමින් දිව එන සම්පත්ගේ හඬ ඇහුණු නිසාමයි.... ඉදිරියෙන් පෙනෙන යෝධ තාප්පයෙහි වූ සුවිශාල ගේට්ටුව වසා තිබෙනවා දුටු සුදීක්ෂා නැවතත් අසරණ වුණා... නමුත් ඇගේ මොකක්දෝ වාසනාවකට දෙවියො විහින් වගේ තාප්පය කෙළවර වූ මුරකුටියෙන් පිටතට යන කුඩා යකඩ ගේට්ටුව විවරව තිබුණා... දෙවරක් නොසිතූ ඈ එතනින් පාරට පැන ඉදිරියට දිව ගියේ කුමන පසෙකට දුවන්නද කියාවත් අරමුණක් නැතිවමයි... ළඟ ළඟම දිව එන රණේගේ හඬ ඇසෙන නිසාම ඈ තවත් පය වේගවත් කර ඉදිරියටම දිව ගියා... එකවරම පාර හරහා දිව ගිය ඇයව අතුරුපාරකින් පැමිණි කුමක් හෝ වාහනයක ගැටුණු බව සහ හිස රිදුම් දී මුහුණම උණුසුම් රු//ධිරයෙන් නැහැවෙද්දී තම දෑස පියවුණු බව තමයි සුදීක්ෂාගේ සිතෙහි ඇඳුණු අවසන් මතකය.... එතැන් සිට කුමක් සිදු වූවාදැයි කියා ඈ දන්නේ නැත... කෙතරම් වේලාවක් සිහිසුන්ව මේ රෝහල් කාමරය තුළ උන්නාදැයි දන්නේද නැත... ❛❛ අනේ මිස්... ඔයාට දැන් කොහොමද... ❜❜ එකවරම සුවපහසු රෝහල් කාමරයේ දොර විවර කරගෙන පැමිණි හෙදියගේ හඬින් සුදික්ෂා කල්පනාවෙන් මිදුණා... ❛❛ හො... හොඳයි... ❜❜ සුදීක්ෂා අපහසුවෙන් වචන ගැටගසාගත්තා... හිනැහෙන්නට උත්සාහ කළද ඒ අසරණ මුහුණෙහි විඩාව සහ වේදනාව මිස වෙන කිසිවක් ඇදුණෙ නැහැ... ❛❛ වැඩිය කතා කරන්න මහන්සි වෙන්න එපා.. මිස්ට දැන් සිහිය ආවා විතරයිනෙ... ඉන්න මම ඩොක්ටර්ටත් කියලා මිස්ව ඇඩ්මිට් කරපු සර්ටත් කෝල් එකක් දෙන්න ඕන... ❜❜ හෙදියගේ වචන සුදීක්ෂාගේ සිතෙහි නැවතත් ගිනි ඇවුලුවේ ඒ කියන සර් කවුද කියලා නොදන්නා නිසාමයි... සම්පත්ද.. රණේද... දෙන්නාගෙන් කවුරු වුණත් ඊට වඩා හොඳයි තමන් මියෙන එක.. සුදීක්ෂාට හිතුණෙ එහෙමයි... ❛❛ ක.... කවුද සර් ? ❜❜ ❛❛ ම්ම්ම්ම්... ඉන්න බලන්න... රසාංග රන්දුනු දහනායක.. ඒ සර් තමයි මිස්ව ඇඩ්මිට් කරලා තියෙන්නෙ.. ❜❜ ❛❛ ඒ... ඒ කවුද..? ❜❜ සුදීක්ෂා පුදුමයෙන් හෙදිය දෙස බැලුවා... ❛❛ ඒක නම් මම හරියටම දන්නෙ නෑ මිස්.. එදා මම හිටියෙත් නෑ... මිස්ව බාරව හිටපු නර්ස් අද මැටර්නිටි ලීව් ගියා.. ඒකයි දැන් මම ආවෙ.. ඒ නර්ස් නම් කිව්වෙ මිස්ව බලන්න හැමදාම උදේටයි හවසටයි සර් කෙනෙක් එනවා කියලා... දැන් රෑ අටටත් කිට්ටුයි.. හෙට උදේට එයි... කෝකටත් මම දැන් මේ තියෙන නම්බර් එකට කෝල් කරලා මිස්ට සිහිය ආවා කියලා කියන්නම්... ❜❜ හෙදියගේ වචන සුදීක්ෂාව තව තවත් පුදුමයට පත් කළා... ❛❛ හැමදාම? එ... එතකොට මම මෙහේට ඇවිත් දවස් කීයක් වෙනවද? ❜❜ ❛❛ ම්ම්ම් දවස් දහ තුනක්... ඔව්.. හරියටම හෙටට සති දෙකක් මිස්...❜❜ ****************************************** සාත්තු සේවිකාව පොවපු සුප් එකෙනුත් ටිකක් හරි අමාරුවෙන් බීපු සුදීක්ෂාට ආයෙම ඇස් පියවුණේ දැනෙන තෙහෙට්ටුව නිසාමයි... දෑස පියවෙන මොහොත වෙනකංම ඒ හිත කල්පනා කළේ කවුද මේ රසාංග රන්දුනු දහනායක කියන්නෙ කියලා... එහෙම නමක් අහලවත් නැති බව කෙල්ලට හොඳටම විශ්වාසයි... නිල්මිණී අක්කත් බය වෙලා තමන්ව හොයනවා ඇති... ඊටත් වඩා රණේ සහ සම්පත් පිස්සු බ//ල්ලො වගේ තමන්ව හොයනවා ඇති... ඒත් ඇත්තටම මේ රසාංග රන්දුනු දහනායක කියන්නෙත් උන්ගෙම කෙනෙක් නම්... හීනෙන් පවා සුදීක්ෂාගෙ මනසෙ මැවුණෙ මේ දේවල්.. ඒ නිසාමයි එකපාරටම රෝහල් කාමරයෙ දොර ඇරෙන සද්දට කෙල්ල බය වෙලා ඇහැරුණේ... ❛❛ එ... එපා... මා... මාව... ම//රන්න එපා... ම.. මම ඔයාලා හිතනවා වගේ කෙනෙක් නෙවෙයි... එපා....... ❜❜ දෑස පියාගෙනම සුදීක්ෂා කෑ ගැහුවෙ ම//රණ මියෙන්... කෙල්ලගෙ සුදු කම්මුල් දෙක බයටම කඳුළින් තෙමිලා ගිහින්.... ❛❛ ළමයෝ... සුදීක්ෂා.... කවුද ඔයාව ම//රන්නෙ... කෝ ඇස් අරින්න.. බය වෙන්න එපා.. මං ඉන්නවා ඔයා ළඟින්ම... කෝ මේ බලන්නකො... ❜❜ හුරුපුරුදු කටහඬක් සුදීක්ෂාට ඇහුණා... ඒ එක්කම රිදුම් දෙන හිස ආදරයෙන් පිරිමදින හැඩිදැඩි අතක පහස හරි සනීපෙට කෙල්ලට දැණුනා... මුහුණටම වැදෙන සුසුම් රැල් එක්ක දැනෙන ඒ හුරුපුරුදු සුවඳ කෙල්ලට හොඳට මතකයි... ඔව්.. ඒ එයා... එයාව දකින හැම දවසකම දැණුනෙත් ඒ සුවඳමයි... ඒ දඟකාර කටහඬත් එයාගෙමයි... අළු පාට ඇස් තියෙන දඩබ්බරයා... ශීනාගෙ අයිතිකාරයා.... ඔව් මේ එයාම තමයි.... ❛❛ ඔ... ඔයා... එ... එතකොට ඔයාද..... ❜❜ දෑසම විසල් කරමින් පුදුමයෙන් ඒ ලස්සන අළු පාට ඇස් දිහාම බලාගෙන සුදීක්ෂා මොනවදෝ කියන්න ගියත් ඒ දඩබ්බරයා කෙල්ලව නැවැත්තුවා... ❛❛ ඔයාට තවම කතා කරන්න මහන්සි වෙන්න හොඳ නෑ චණ්ඩි කෙල්ලේ... ඔව්.. මං තමයි.. මම තමයි හැමදාම උදේ හවස ඇවිත් ඔයාගෙ ඔළුව අත ගගා මෙතනට වෙලා හටියෙ... ඒ වුණාට අද හදීස්සි වැඩ ගොඩක් වැටුණු නිසා හවස එන්න බැරි වුණා.. හෙට උදේම එනවා කියලා හිතුවට නර්ස් කතා කරලා කිව්වම ඔයාට සිහිය ආවා කියලා මට නෑවිත් ඉන්න හිත දුන්නෙ නෑ.. ඒකයි මහන්සි නොබලා මේ රෑම ආවෙ.... ❜❜ තවමත් ඇඳ මත ඉඳගෙන සුදීක්ෂාගෙ හිස අතගාමින් මුහුණටම එබිලා ඉන්න ලස්සන අළු ඇස් කොල්ලා කියාගෙන කියාගෙන ගියා.... සුදීක්ෂා නම් ඉන්නෙ තවමත් පුදුමයෙන්.... සිද්ධ වෙන දේවල් අදහගන්න බැරි පුදුමයෙන්... මේ දකින්නෙ හීනයක්ද ඇත්තක්ද කියලවත් අදහගන්න බැරි තරම් පුදුමයෙන්... ❛❛ ම.. මට මොකද වුණේ... උ.. උ න් කෝ... ඔ.. ඔයත් උන්ගෙ කෙනෙක්ද.. ? ❜❜ ❛❛ කවුද අනේ උන් කියන්නෙ? ඔයත් මාර ප්‍රශ්න තමයි අහන්නෙ.. හරි නම් මම එපැයි ඔයාගෙන් අහන්න මොකද වුණේ කියලා..❜❜ එවර නම් සුදීක්ෂාගෙන් ඈත් වුණු අළු ඇස් දඩබ්බරයා ඇඳ ළඟම තිබුණු පුටුවකින් ඉඳගත්තා... ඒත් එක මොහොතකටවත් ඒ ඇස් සුදීක්ෂාගෙන් ඉවතට ගත්තෙ නම් නෑ... ❛❛ ම.. මට මතක නෑ... ❜❜ සුදීක්ෂා බොරුවක් කිව්වා... ❛❛ දැන් මතක් කරන්න මහන්සි වෙන්නත් එපා.. අපි පස්සෙ හෙමීට වෙච්ච දේ මතක් කරගමු... කොහොමහරි ඔයාගෙ පස්සෙන් දුවගෙන ආපු අයට ඔයාව මඟ හැරුණා කියලා නම් මට තේරුණා... ඔයා එක පාරටම පාර පැන්නනෙ.. අපිටත් හිතාගන්න බැරි වුණා.. වෙහිකල් එක මේන් රෝඩ් එකට දාද්දි වාහන එන පැත්ත බලනවා මිසක් කවුද හිතන්නෙ කෙල්ලෙක් එකපාරටම පනියි කියලා.... ❜❜ ❛❛ ක... කවුද අපි? ❜❜ ❛❛ මායි.. මගෙ යාළුවයි.. ඔයාව ඇක්සිඩන්ට් වුණේ මගේ කාර් එකේ.. අපි තමයි ඔයාව හොස්පිටල් ගෙනාවෙ.. හෙට ඔයාව ඩිස්ටාජ් කරයි.. මම ඔයාව ගෙදරට ඇරලවන්නම්... ගෙදර අය බය වෙලත් ඇති.. ඒත් ඉතිං මට ඔයාගෙ ගෙදර කෝකද කියලා හොයාගන්නත් බැරි වුණා... අයි ඩී එකේ තිබුණෙත් හොරොව්පතාන පැත්තෙ එඩ්ඩ්‍රස් එකක්නෙ... ඇක්සිඩන්ට් එකෙන් ෆෝන් එකත් ඩැමේජ් නිසා කෝල්ස් ආවෙත් නෑ... ❜❜ අළු ඇස් දඩබ්බරයාගෙ වචන ඉස්සරහ කෙල්ලට හොඳටම ඇඬුණා... ඒ තමන්ට යන්න ගෙදරක්වත් තමන් ගැන හොයලා බලලා දුක් වෙන්නවත් කෙනෙක් නෑ කියලා මතක් වුණු නිසා.. කෙල්ල ඒ තරමටම අසරණයි... ❛❛ අනේ... ඇයි මේ අඬන්නෙ? දැන් ඔයාට සනීපයිනෙ.. අපි හෙට උදේම ගෙදර යමු හොඳද.. මමත් කොහොමත් හෙට නිවාඩුවක් දාන්න හිතුවා.. ඒ නිසා අද මුළු රෑම මම ඔයා ළඟට වෙලා ඉන්නම්... එතකොට ඔයාට බය නෑනෙ... ❜❜ අළු ඇස් දඩබ්බරයා කෙල්ලගෙ හිත ආදරයෙන් සැනසුවෙ හිසත් අතගාමින් අතකිනුත් අල්ලගෙනමයි.... ❛❛ ම.. මට යන්න ගෙදරක් නෑ.. බෝඩිමට යන්න බයයි... අරුන් ආයෙ එයි... ම.. මට බැරිද හැමදාටම නෙවෙයි සනීප වෙනකංවත් මේ හොස්පිටල් එකේම ඉන්න? මට මේකට ගෙවන්න සල්ලිත් නෑ....❜❜ සුදීක්ෂා කඳුළු අතරින්ම අසරණව මිමිණුවෙ ඒ අළු පාට ලස්සන ඇස් දිහා බලාගෙනමයි..... _ මම අහිංසා 🌻
0 Comments
No comments yet. Be the first to comment!