0️⃣1️⃣ කොටස ❛❛ අඩෝ..... ප/ට්ට සැප ක/ඳක්නෙ බං මේක... කොහෙන්ද හොයාගත්තෙ? මේ.... මේ බලපං දකිද්දිත් ඇඟේ මයිල් කෙළින් වෙනවා... ❜❜ ❛❛ ගින්දර කෑල්ල නේහ් බොස් ? ❜❜ ❛❛ ගින්දරදත් අහනවා... ගිනි ගින්දර යකෝ... කියපංකො අගේ නොකර කොහෙන්ද හොයාගත්තෙ මේකිව? ❜❜ ❛❛ බොස් දන්නවනෙ මේ රණේ බොස් වෙනුවෙන් මැ/රෙන්න වගේම ම/රන්න වුණත් ලෑස්තියි... බොස් රස කෑමක් ඉල්ලුවා... මං ගෙනාවා... ආයෙ සුපිරි බඩු මෙව්වා... පසු කාලීන හානිත් නෑ.. ඇති වුණාම චැප්ටර් ක්ලෝස් කරන්න පුළුවන් ලේසියෙන්ම... මොකද හොයන්න කියලා අම්මා අප්පෙක් සහෝදර සහෝදරියෙක් තියා බලු බල්ලෙක්වත් නෑ... ❜❜ ❛❛ ම්ම්ම්ම් සුපිරියි... එක්කං වරෙංකො ස්වීටි මැණිකව... උඹ මගෙ එකා බං.. ❜❜ ❛❛ හෙටම එක්කං එන්නද බොස්? ❜❜ ❛❛ ඔන්න ඕකනෙ රණේ උ/ඹේ හිතයි වැඩයි කොලිටි වුණාට මාකටින් නම් අන්තිමයි.. ❜❜ ❛❛ ඇයි බොස්? ❜❜ ❛❛ යකෝ... අපිට ඒකිව ඕන නෙවෙයි... ඒකිට අපිව ඕන ගානට කාලය දීපය දේසය හදලා අනිද්දා හවසට වගේ එක්කං වරෙං... ❜❜ ❛❛ අප්පාහ්... බොස් කියනකං මට ඒක මීටර් වුණේ නෑනෙ.. ❜❜ ❛❛ ඒකනෙ කියන්නෙ රණේ උ/ඹලට ඇඟ දුන්නට මොළේ දෙන්න බෑ කියලා... ❜❜ ❛❛ ඔයා බොස් වෙලා මං ජබොස් වුණේ ඒකනෙ බොස්... ❜❜ ****************************************** ❛❛ ඔන්න සුදු නංගියෙ අද නම් චූං පාං මං ගානෙ නොමිලෙ... ❜❜ ❛❛ නොමිලෙ? ඇයි අයියෙ ඒ.... අද අයියගෙ උපන් දිනේද? ❜❜ ❛❛ උපන්දිනේට මේ පාර ඉන්න කෙල්ලන්ට නිකං පාං කවන්න මට පයිත්තියං කියලා හිතුවද.... අද ඔයාගෙ වැඩේ හරි ගියා.. ඒ සතුටට.. පඩි ලැබුණම සුදු නංගිටම බැරියෑ මට සළකන්න.. ❜❜ ❛❛ මො.. මොන වැඩේද අයියෙ? ❜❜ ❛❛ මොකද මේ බය වෙලා ? මං අර කිව්වෙ සෙනේ ඇපරල් එකේ බොසෙක්ව දන්නවා කියලා.. මං ඊයෙ හරී අමාරුවෙන් මෑන්ව මීට් වුණා... සුදු නංගි වෙනුවෙන්ම...❜❜ ❛❛ මං වෙනුවෙන් ? ❜❜ ❛❛ ඔව්... ඔව්... මං ගානට නූලට මිම්මට කිරලා මැනලා මෑන්ට වචනෙ දැම්මා සුදු නංගි ගැන... මිනිහා කැමති වුණා සුදුසුකම් බලලා සුදු නංගිට හරියන රස්සාවක් දෙන්න... දැන් ඉතිං ඔය එක එකාගෙ ඉඳුල් හෝදන්න ඕන නෑ සුදු නංගි... ❜❜ ❛❛ අනේ ඔය ඇත්තමද අයියේ? දෙයියනේ මට හයියෙන් කෑ ගහලා අඬන්න හිතෙනවා... ❜❜ ❛❛ අඬන්න.... අඬන්න පිස්සුද සුදු නංගි.. මේ හිනාවෙන්න ඕන වෙලාවෙ? ❜❜ ❛❛ සතුටට අනේ සතුටට... ❜❜ ❛❛ එහෙනම් හරියටම අනිද්දා දවල් කෑමෙන් පස්සෙ යන්න ලෑස්ති වෙලා ඉන්න... මම ම එන්නම් සුදු නංගිව එක්කං යන්න... ඉන්ටර්වීව් එකට යන දවසනෙ.. ❜❜ ❛❛ අනේ දෙයියනේ... මට තේරෙන්නෙ නෑ මං අයියට කොහොම ස්තූති කරන්නද කියලා.. අම්මෙක් අප්පෙක් සහෝදරයෙක්වත් නැති මාව හැම එකාම ගිලින්න බලන් ඉද්දි අයියා විතරක් දෙවියෙක් වගේ ඇවිත් පිහිට වුණා... අනේ අයියට ගොඩාක් පිං අයියෙ.. ඇත්තමයි ඔයා නම් ගිය ආත්මෙක මගේම සහෝදරයෙක් වෙලා ඉන්න ඇති...❜❜ ඈ නමින් සුදීක්ෂා සංකල්පනී ඒකනායක... උප්පැන්නට නම් ඒකනායක කියලා තිබුණට පියාගෙ නම ඉරක් වුණු සුදීක්ෂාට ඒකනායක කෑල්ලක් ආවෙ කොහෙන්ද කියලා සුදීක්ෂාවත් දන්නෙ නෑ.. දැනුම් තේරුම් එන කාලෙදි නමට හරි හිටපු අම්මත් අනුන්ට කඹුරලම මැ/රිලා ගියේ සුදීක්ෂාව පාරටම ඇදලා දාලා... ඊට පස්සෙ සුදීක්ෂා හැදුණෙ වැඩුණෙ නෑදැ වෙන නැන්දා කෙනෙක්ගෙ ගෙදර.. එයා නම් කිව්වෙ සුදීක්ෂාට ඒකනායක කෑල්ල ආවෙ සුදීක්ෂාගෙ අත්තම්මගෙන් කියලා.. හරි නම් සුදීක්ෂාට එන්න ඕන සමරනායකද, මදනායකද, අල්පෝන්සුද නැත්නම් එදිරිසිංහද කියලා සුදීක්ෂාගෙ අම්මවත් දන්නෙ නැතිව ඇතිලු.. කොහොමින් කොහොම වුණත් සුදීක්ෂා හරි හැඩකාරී.. ඉණෙන් පහළටම වැටුණු දිග කොණ්ඩය වගේම හීනි දිග ඇස් ඒ සුදු මුහුණට අමුතුම ලස්සනක් ගෙනාවා.... පිරුණු හැඩ ඇඟ දැකපු කෙනෙක් ආයෙ දෙපාරක් නෙවෙයි දහ දොළොස් වතාවක්ම හැරිලා බලන තරමට සුදීක්ෂා ලස්සනයි... ඒ වගේම සුදීක්ෂා ඉගෙන ගන්නත් හරි දක්ෂයි... ඕ ලෙවෙල් ඒ ලෙවෙල් ඉහළින්ම සමත්වුණු සුදීක්ෂාට විශ්ව විද්‍යාල වරම් අහිමි වුණේ වියදම් කරන්න කෙනෙක් නැති නිසා.... කොහොමහරි අවුරුදු දහ නවය පිරෙනකොටම සුදීක්ෂා කාත් කවුරුවත් නැති අනාථ කෙල්ලෙක් විදියට ගෙන්දගම් පොළොවට පය ගැහුවා... ඒ ගමේ ඉඳලා කොළඹ රස්සාවල් වලට ගියපු අක්කලා නැන්දලා ලකේට ඉන්න විදිය දැකපු නිසා.. අටවත් පාස් නැති උන්දැලා රත්තරං පෙරවගෙන ඔච්චර කලකලඑළියට ඉන්නවා නම් උසස් පෙළත් හොඳටම පාස් තමන්ට රැජිනක් වෙන්න පුළුවන්නෙ කියලා සුදීක්ෂාට හිතෙන්න ඇති... මේ සේරටමත් වඩා සුදීක්ෂා ගෙදරින් එළියට බහින්න හේතුව නැන්දගෙ පුතාලා දෙන්නා.. ඒ කියන්නෙ සුදීක්ෂාගෙ මස්සිනාලා දෙන්නා... උන් දෙන්නා කොයි වෙලෙත් බලන් ඉන්නෙ සුදීක්ෂාව ගිලගන්න.. ඒ විතරක්ද... නැන්දගෙ මිනිහා.. ඒ කියන්නෙ සුදීක්ෂාගෙ මාමා.. ඌ/ටත් ඕන නැන්දගෙන් වෙන මදි පාඩු ටික සුදීක්ෂාගෙන් පිරි මහගන්න.. නැන්දත් මේ සේරම දැකලත් නොදැක්කා වගේ ඉන්නෙ ඇයිද කියලා අදටත් සුදීක්ෂා දන්නෙ නෑ... කොහොමහරි ඒ හැම කරදරයකින්ම තමන්වම පරිස්සම් කරගත්තු සුදීක්ෂා අවසානෙ කොළඹට ආවා... ඒ ගමේ අක්කා කෙනෙක්ගෙම උදව්වෙන්... ඒ අක්කා වැඩ කරන ස්පා එකේම රස්සාවක් අරං දෙන්නම් කියලා තමයි සුදීක්ෂාව එක්කං ආවෙ... හරිම හොඳ අක්කා.. සුදීක්ෂාට හරි ආදරෙයි.. සුදීක්ෂාට හිතුණෙ එහෙම... ****************************************** ❛❛ ආහ්.... ඇස් පේන්නැද්ද මනුස්සයො... ඌහ්.. මගෙ කකුල... ❜❜ ❛❛ ඇස් පේන්නැත්තෙ මගෙද ත/මුසෙගෙද.. බලනවා මං යන්නෙ පාරෙ දකුණු පැත්තෙන්.. ත/මුසෙ යන්නෙ වම් පැත්තෙන්... ❜❜ පාං ගෙඩියත් අරං කල්පනා කර කරම ඉස්සරහට ගිය සුදීක්ෂා ඉස්සරහින් එන කොල්ලව වත් බල්ලවවත් දැක්කෙ නෑ.. සුදීක්ෂාගෙ වාසනාවට එයාව හැප්පුණේ කොල්ලගෙ ඇඟේ... බැනගෙන බැනගෙන ගියාට මොකද කොල්ලගෙ මුහුණ දැක්කම නම් සුදීක්ෂාගෙ තරහ කොහේ ගියාද දන්නෙ නෑ... ඒත් කොල්ලා නම් තවමත් තරහින්... වරද සුදීක්ෂාගෙ අතේම තියාගෙන තමන්ටම බැනුම් අහන්න වුණු තරහට කොල්ලා ආයෙත් බැන්නා... ❛❛ මේ නංගි... ඩිංගක් සුදුවට හිටියට මොකද ඩයනා කුමරිය නෙවෙයිනෙ... සිහිකල්පනාවෙන් පාරෙ යනවා.. මගේ ඇඟේ හැප්පුණු නිසා හොඳයි.. ශීනාගෙ ඇඟේ හැප්පුණා නම් අද තමුන්ගෙ මළගම... ❜❜ ❛❛ ක.. කවුද ශීනා ? ❜❜ ❛❛ ශීනා... මේ බලන්න.. මේ නැන්දා අහනවා ඔයා කවුද කියලා.... ❜❜ එතකොටයි සුදීක්ෂා දැක්කෙ මේ නපුරු දඩබ්බරයා එක්කම ඇවිදින්න ආපු බලු තඩියව... එකපාරටම අඩියක් දෙකක් පස්සට තියවුණු සුදීක්ෂාට දාඩියත් දැම්මෙ කළුම කළු පාට තඩී බලු තඩියා දත් විලිස්සගෙන ඉන්න විදිය දැකලා... සුදීක්ෂාගෙ බය දැකපු නිසාම කොල්ලම ආයෙ කතා කළා.... ❛❛ හරි හරි ඔච්චර බය වෙන්න ඕන නෑ... මෙයා කන්නෙ හොඳ බ්‍රෑන්ඩඩ් කෑම වර්ග විතරයි... ❜❜ කොල්ලගෙ මුහුණෙ ඇඳුණු සමච්චල් හිනාව නිසාම කෙල්ලට ඒපාර නම් තවත් තරහ ගියා... ❛❛ අනේ මේ... පොෂ් නැති වුණාට අපිත් බ්‍රෑන්ඩඩ් තමයි.. ❜❜ ❛❛ මොකක්ද බ්‍රෑන්ඩ් එක? ❜❜ ❛❛ නිව් එකක්.... ❜❜ සුදීක්ෂා ගස්සගෙනම යන්න ගියේ ආයෙ හැරිලවත් නොබලමයි.. ඒත් ඈතට යන සුදීක්ෂාව තාප්පකින් වැහිලා නොපෙනී යනකංම කොල්ලා නම් ඒ දිහාම බලන් හිටියා... එහෙම බලන් ඉන්න හිතෙන තරමටම කෙල්ල හරි ලස්සනයි... දණහිස ගාවට තිබුණු ඇඟටම හිර ගවුමෙන් ඒ ලස්සන තවත් කැපිලා පෙණුනා.. බලන් ඉන්න ආසාවක් මිසක් නරක හැඟීමක් ආවෙ නැත්තෙම ඇවිදින තාලෙටම පැද්දුණු ඒ දිග කොණ්ඩෙන් ඇඟේ හැඩ පිට සහ පසුපස වැසී ගොස් තිබුණු නිසාමයි... බොරු තරහක් මවාගෙන ගස්සගෙන ගියාට මොකද සුදීක්ෂාගෙ හිත තිබුණෙත් ඒ ලස්සන ඇස් ළඟමයි... දිගු ඇස් පිහාටු වගේම ඝන ඇහිබැමි වලින් හැඩ වුණු ඒ අලු පාට ඇස් දෙක මායාවක් වගේමයි කියලා සුදීක්ෂාට හිතුණා... කොට කලිසමකින් සහ අත් නැති බැනියමකින් වැසුණු ඒ සිරුර... සුදීක්ෂා මෙච්චර කාලෙකට දැකපු ලස්සනම පිරිමි සිරුර ඒකද හිතුණා... ඒ තරමට ලස්සනයි... හොඳින් සකසලා තිබුණු පෘෂ්ඪිමත් දෑතෙහි කොළ පැහැ නහර වැල් ඉලිල්පිලා පෙණුනා... දකින කෙනෙකුට ආයෙ ආයෙම දකින්න හිතෙන තරමෙ හැඩිදැඩි ලස්සන සිරුරක් ඒ කොල්ලට තිබුණා.... ****************************************** ❛❛ ඉඳා... මේ බලපංකො... මොකද මේ කවදාවත් නැතුව මනෝ ගහන්නෙ? අද වැඩට යන්නෙ නැද්ද? ❜❜ සුදීක්ෂා කල්පනාවෙන් මිදුණෙ බෝඩිම් කාමරේ ඉන්න අනෙක් අක්කගෙ කටහඬින්... එයා තමයි සුදීක්ෂාව කොළඹ එක්කං ආපු ගමේ අක්කා... ❛❛ නෑ අක්කෙ.. මැඩම්ලා ට්‍රිප් එකක් ගිහින්.. එන්නෙ දවස් හතරකින්ලු.. ඒ නැතත් කොහොමත් මම ආයෙ එහේ යන්නෙ නැති වෙයි... ❜❜ සුදීක්ෂා බෝඩිමේ අක්කගෙ ඇස් දිහාම බලාගෙන කිව්වා.. ❛❛ ඇයි ඉඳුල් හෝදලා ගන්න සොච්චම මදි කියලා හිතුණද? ඕකනෙ මං කිව්වෙ උඹට දිගටම ස්පා එකේම ඉඳපං කියලා.. ඇහුවෙ නෑනෙ... එහෙනම් මේ මං වගේ සැපට කාලා ඇඳලා ඉන්නවා අද උඹත්... ❜❜ අක්කා කිව්වෙ නෝක්කාඩු ස්වරයෙන්... ❛❛ අපෝ නෑ අක්කෙ... ඔය ජරා රස්සාවට වඩා නම් මට මේ දැළි ඉඳුල් අතගාලා කන බත් කට සැපයි.. ගෙදරින් ආවෙත් මට ඔය පිරිමින්ගෙ ඇඟට යට වෙන පව කරගන්න බැරි නිසා.. මෙහේදිත් ඒ දේම කරගන්න මට ඕන නෑ... ❜❜ සුදීක්ෂා කීවේ තම පපුවටත් අතක් තියාගෙන සුසුමක් හෙළමින්... ❛❛ උඹ ඉතිං හැමදාම කිව්වෙ ඕකනෙ.. ඉතිං කියපංකො එහෙනම් උඹ මොකක්ද කරන්න යන්නෙ කියලා? ❜❜ ❛❛ අර චූං පාං අයියා මට හොඳ ජොබ් එකක් බලලා අක්කෙ එයා අඳුනන තැනක... අනේ සහෝදරයෙක් වගේ ඒ අයියා.. දෙවියො මගේ මුහුණ බැලුවා කොහොමහරි... ❜❜ ❛❛ උඹට හරියනවා නම් මට හරි සතුටුයි බං කෙල්ලෙ... හැබැයි නංගි මං එකක් කියන්නම්.. මේ ගෙන්දගමේ ඉන්න සුදු කාක්කොන්ව විශ්වාස කරන්න කලින් දෙපාරක් නෙවෙයි සිය පාරක් හිතපං... උඹ තාම පොඩි එකී.. තැලිලා පොඩි වෙලා නෑ...❜❜ ❛❛ ම්ම්ම්... මට තේරෙනවා... මේ ඒක නෙවෙයි අක්කෙ අර උදේට උදේට මෙතනින් බල්ලෙක්ව අරං ඇවිදින්න යන කොල්ලව දැක්කද... ඒ කවුද කියලා දන්නවද? ❜❜ ❛❛ උඹට මොකටද ඌව..? ඇයි හිත ගියාද... උදේට විතරක් නෙවෙයි ඌ හවසටත් යනවා ඔය බලු තඩියත් එක්ක මෙතනින්..❜❜ ❛❛ අනේ නෑ... කියන්නකො දන්නවද කියලා... ❜❜ ❛❛ කවුද කින්ද මන්ද නමක් ගමක් නම් දන්නෙ නෑ බං.. අර එහා පැත්තෙ ලේන් එකේ ඉන්නෙ කියලා නම් දන්නවා.. ඒ ඉතිං වී අයි පී රෙසිඩන්ස් ඒරියා එකනෙ.. කවුරු හරි ලොක්කෙක්ගෙ ඩ්‍රයිවරයෙක් වෙන්නැති.. ඒකනෙ උදේ හවස බල්ලො ඇවිද්දවන්නෙ....❜❜ ****************************************** දෙවෙනි කොටසින් හමුවෙමු. _මම අහිංසා 🌻
Izhara Ayezhmantha
27 Mar 2025 at 11:49 AMLassanai ♥️